අද දිනයේ තමන්ට විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් කළ ඉල්ලීමට අනුව අද පෙරවරුවේ ඊට කාලවේලාව වෙන් කිරීමට පියවර ගෙන තිබිණ.
ඒ අනුව අද පෙරවරු 11.23ට ඒ සදහා අවස්ථාව ලබා දීමට නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා කටයුතු කළේය.
නමුත් ඒ අවස්ථාව වනවිට ගම්මන්පිල මහතා සභාගැබේ නොසිටීම විශේෂ සිදුවීමක් විය.
ඊයේ දින පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් ගම්මන්පිල මහතා ඉලක්ක කර ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීීමටද පියවර ගෙන තිබිණ.
- මව්රට
