gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සජබෙයි මාවයි කොටවන්න දුෂ්ට මාධ්‍ය මෙහෙයුමක් යනවා... මාධ්‍ය 2ක් නම් කරයි... චම්පික විශේෂ නිවේදනයක් කරයි

තමන් හා සමගි ජන බලවේගය කෙටවීම සදහා දුෂ්ට මාධ්‍ය ආයතන 2ක් අසත්‍ය පුවත් පළකරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කොට ඇත.

එම නිවේදනය මෙසේය.

සමගි ජන බලවේගය සහ පාඨලී චම්පික රණවක මහතා අතර ගැටුම් ඇතිකරලීමේ දුෂ්ට චේතනාවෙන් මාධ්‍ය ආයතන 2ක් තමන්ට රිසි පුවත් ශීර්ෂ යොදාගනිමින් පුවත් නිර්මාණය කර ප්‍රචාරය කරමින් යන බව අප වෙත දැනගැනීමට ලැබී තිබේ.

රාජපක්ෂ පාලනය යටතේ රටේ ආර්ථික ක්ෂේත්‍රය ඇතුළු සියළුම අංශවලින් බිඳවැටී රටම කැඳ හැලියක් වී ඇති අවස්ථාවක ආණ්ඩුවට හිතැති මාධ්‍ය යොදවාගනිමින් විපක්ෂයේ පාර්ශව අතර අනවශ්‍ය ගැටුම් සහ බිඳවැට්ටවීම් සිදු කිරීම සඳහා ආණ්ඩුව විසින් සිදු කරන මේ මාධ්‍ය මෙහෙයුම් අපි විසින් පිළිකුලෙන් යුතුව බැහැර කරමු.

රාජපක්ෂ පාර්ශවය හැර වෙනත් පාර්ශව සමග කෙතරම් මත ගැටුම් තිබුනද, ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීමට අප කටයුතු කරන බවත්, විපක්ෂය තුළ බේද අවුලුවා රට අගාධයට ගෙන යන මග ජනතාවගෙන් වසන් කිරීමට යත්න දැරුවද, දැන් මහජනතාව ඒ පිළිබඳව නිසි අවබෝධයෙන් ආණ්ඩුව පලවා හැරීම සඳහා එක්වෙමින් සිටින බව අවධාරණය කරනු කැමැත්තෙමු.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka