gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තව දින කිහිපයකින් අනිවාර්යයෙන් තෙල් මිල වැඩි කිරීමක් - විදුලි බිලත් ඉහළ යන ලකුණු!

තෙල් මිල වැඩි නොකරන බවට ඇමැති උදය ගම්මන්පිල පැවසුවත් අනිවාර් යෙන්ම තවත් දින කිහිපයකින් මිල වැඩි කිරීමක් සිදුකරන බවට පැහැදිලිවම පැවසිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පැවැසුවේය. එම සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් පැවසුවේ මේ තත්ත්වය පදනම් කරගෙන විදුලි බිල වැඩි කිරීමට රජය සුදානම් වන බවය. හෙතෙම මෙසේද වැඩිදුරටත් කියා සිටියේය.

”තෙල් මිල වැඩි කරන්න බලාපොරොත්තුවක් නැහැ කියලා ඇමැතිවරයා කියනවිටම ජනතාව බලාපොරොත්තු වෙන්න ඕනේ තෙල් මිල වැඩි කිරීමක් ළඟදීම කරනවා කියලා. ඇමැතිවරයා ජනතාවගේ හිත හදන්න කතා කිව්වට අනිවාර් යෙන්ම තෙල් මිල වැඩි වෙනවා. මේ එන්නේ පෙරහැරේ කසකාරයෝ ටික. ඒ වගේම මේ කියන්න හදන්නේ විදුලි බිල වැඩි කරනවා කියන එක. ඒක ජනතාවට හොඳට තේරෙනවා. අසරණ වෙන්නේ ජනතාව.”

අශිකා ජයවීර


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka