gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

වර්ජනය කළොත් සංගමයෙන් පන්නවා… මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි!

රාජ්‍යසේවා එක්සත් හෙද සංගමයේ අනුදැනුමකින් තොරව  කිසියම් සාමාජිකයෙක් හෝ සාමාජිකාවක් දැනට ක්‍රියාත්මක වැඩ වර්ජනයට සහයෝගය දක්වයි නම් එම සාමාජිකයින් සංගමයෙන් නෙරපන බව සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළහ.

මේ වන විට වැඩවර්ජනයට සහයෝගය දක්වන ඇතැම් වෘත්තීය සමිතිවල බලපෑම මත රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයින් වැඩවර්ජනයට සහයෝගය දක්වන බවට තම සංගමයට තොරතුරු ලැබී ඇති බැවින් එවැනි සාමාජිකයින්ගේ තොරතුරු සොයාගෙන ඔවුන්ව වහාම සංගමයෙන් නෙරපීමට කටයුතු කරන බවද ආනන්ද හිමියෝ පැවසූහ.

ඉල්ලීම් ලබා දීමට රජය එකඟ වී  ඇති මොහොතක වැඩ වර්ජනවල නිරත වීම අසාධාරණ බවත් මෙය ඇතැම් වෘත්තීය සමිතිවල  බලපෑම මත සිදුවන්නක් බවත් ආනන්ද හිමියෝ පෙන්වාදෙති.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka