gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඛණිජ වැලි සමාගමේ ටෙන්ඩර් මගඩියක්! අඩුම ලංසුවට ඉල්මනයිට් විකුණලා!

ලංකා ඛණිජ වැලි සමාගම විසින් 2020 වර්ෂය තුළ අඩු ලංසුකරයකට ඉල්මනයිට් අලෙවි කිරීම හේතුවෙන් රජයට අමෙරිකානු ඩොලර් 1,547,000 ක පාඩුවක් සිදුවී ඇති බව වාර්තා වනවා.

ඒ බව අනාවරණය වූයේ විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවකින්.

2020 වසර තුළ ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 85,000 ක් අලවි කිරීම සදහා ලංකා ඛණිජ වැලි සමාගම විසින් ටෙන්ඩර් කැදවීමක් සිදු කර තිබෙනවා.

එම ටෙන්ඩර් කැදවීමට අනුව ඉල්මනයිට් මිලදී ගැනීම සදහා ආයතන 04 ක් විසින් ලංසු ඉදිරිපත් කර තිබුණා.

ලංසුව ප්‍රතික්ෂේප වෙයි

එහිදී එක් ආයතනයක් විසින් ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 01 ක් අමෙරිකානු ඩොලර් 165.20 කට මිලදී ගැනීම සදහා ලංසු ඉදිරිපත් කර තිබූ බව එම වාර්තාවේ දැක්වෙනවා.

නමුත් ලංකා ඛණිජ වැලි සංගමයේ ටෙන්ඩර් මණ්ඩලය විසින් එම ලංසුව ප්‍රතික්ෂේප කර තිබූ අතර ප්‍රතික්ෂේප කිරීමට හේතුව ලෙස එම ලංසු ඉදිරිපත් කිරීම නිසි වගකීමකට බැදුනු ලංසු සුරක්ෂණයක් නොවන බව සදහන් කර තිබෙනවා.

දෙවන ලංසුව ඉදිරිපත් කර ඇත්තේ ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 01 ක් අමෙරිකානු ඩොලර් 163 කට මිලදී ගැනීම වෙනුවෙන්.

නමුත් එකී ආයතනය විසින් මිලදී ගැනීමට අදහස් කර ඇත්තේ ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 5,000 ක් පමණ බව සදහන් කරමින් ටෙන්ඩර් මණ්ඩලය විසින් එම ලංසුවද ප්‍රතික්ෂේප කර තිබෙන බවයි එම විගණන වාර්තාවේ සඳහන් වන්නේ.

ටෙන්ඩර් කොන්දේසි කඩලා

අනතුරුව ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 01 ක් අමෙරිකානු ඩොලර් 147 කට මිලදී ගැනීම සදහා ලංසු ඉදිරිපත් කර තිබූ ආයතනයට ලබා දී තිබෙනවා.

නමුත් ටෙන්ඩර් පිරිනැමීමේදී පනවා ඇති ප්‍රධාන කොන්දේසියක් වන 2019 වසරේ එම ආයතනයේ ගිණුම් වාර්තාව පවා ඉදිරිපත් කර නොතිබුණු බවද විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තා වේ සදහන්.

එම ටෙන්ඩරය ලබා ගෙන ඇති ආයතනය විසින් 2021 වසරේ මාර්තු මාසය වන විට ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 85,000 ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඉවත් කර ගෙන ඇති ඉල්මනයිට් වෙනුවෙන් 2021 මාර්තු මාසය අවසන් වන විටත් අදාල ආයතනය විසින් ලංකා ඛණිජ වැලි සමාගමට අමෙරිකානු ඩොලර් 5,880,000 ගෙවා නොමැති බවද විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ වැඩිදුරටත් සදහන්.

ඒෂියන් මිරර්


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka