විරෝධතාවන්ට සම්බන්ධ වන පිරිස් වලට පොලු භාවිතා කරන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
දැනට ක‍්‍රියාත්මක කරමින් ඇති සෞඛ්‍ය වෘත්තිකයන්නේ වැඩ වර්ජනය ගැන කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහජනතාව අපහසුතාවයට පත්ව ඇති බව බැවින් විරෝධතාකරුවන්ට පොලු ප්රහාර එල්ල කළ යුතු බවද ඔහු පැවසීය.
ජනතාව අපහසුතාවයට පත්වීම හේතුවෙන් ජවිපෙ මන්ත්‍රීවරුන් වන අනුර දිසානායක විජිත හේරත්ට බිත්තර හා පොලු ප්රහාර එල්ල වූ බවද ඔහු සිහිපත් කළේය.
මෙවන් විරෝධතාවන්ට මහජනතාවට තම අප්‍රසාදය පළ කිරීමට ඇති එකම ක්‍රියාමාර්ගය පොලුවලින් සංග්‍රහ කිරීම බවද හෙතෙම කියා සිටියේය.
