gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මගේ ආණ්ඩුවක් යටතේ පැන්ෂන් යන උගතුන් පාර්ලිමේන්තුවට පත් කරනවා… සියලු තීන්දු ඔවුන්ගේ අනුමැතියට යටත් – උවිඳු

පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය සහ පහළ මන්ත්‍රී මණ්ඩලය යනුවෙන් කොටස් දෙකක් ස්ථාපිත කොට රටේ බුද්ධිමත් මණ්ඩලයක් ක්‍රියාත්මක කරන බව උවිදු විජේවීර පවසයි.

මේ රටේ පාර්ලිමේන්තු ක්‍රමය තම පාලනයක් යටතේ සම්පූර්ණයෙන් වෙනස් කිරීම්ට අදහස් කරන බව ද රෝහණ විජේවීරගේ පුත්‍රයා වන උවිඳු අවධාරණය කරයි.

මෙරට පාර්ලිමේන්තු ක්‍රමය ද්විත්ව පාර්ලිමේන්තු ක්‍රමයක් රට තුළ ක්‍රියාත්මක විය යුතුයි. රටේ උගතුන් බුද්ධිමතුන් රාජ්‍ය සේවය අවසන් කොට විශ්‍රාම යද්දී එම පිරිස් පාර්ලිමේන්තු නියෝජිතයන් බවට පත්කරනවා.

මහජන ඡන්දයෙන් තේරී පත්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම වෙනම කොටසක් වෙනවා. එම කොටස් කුමන තීන්දු තීරණ පාර්ලිමේන්තුව තුළ ලබා ගත්තත් ඉහළ සිටින බුද්ධි මණ්ඩලය අනුමත කළ යුතුයි.

දෙවන පරපුර සංවිධානයේ මාතලේ දිස්ත්‍රික් දැනුම්වත් කිරීමේ වැඩසටහනට නාවුල නගරයේ දී එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka