gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

BOI අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඉල්ලා අස්වීමේ වගකීම චරිත හේරත් භාරගත යුතුයි ! - පොහොට්ටුවෙන්ම චෝදනා

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වන තැනට පත් කළේ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව විසින් බවත් එහි වගකීම එම කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා විසින් භාරගත යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි. 

ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහන පහතින් දැක්වේ. 

******************************************

ආයෝජන මණ්ඩලයේ සභාපති හා අධ්‍යක්ෂක ජනරාල් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය ඉල්ලා අස්විය යුතු තැනට පත් කළ කෝප් සභාව ගැන මම ඉතාම කණගාටු වෙනවා. විශේෂයෙන්ම ආචාර්ය චරිත හේරත් මේකෙ වගකීම ගන්න ඕන. ඔහු මගෙන් හිතවතෙක්. ඒත් තමන්ගේ දේශපාලන අනාගතය හදාගන්න කෝප් එක භාවිත කිරීම මම අනුමත කරන්නෙ නැ. එහෙම කළත් ඒකෙ විනයක්, දැක්මක්, පාලනයක් තියෙන්නෙ ඕන. මේ කරපු වැඩේ ගැන මට දැඩි විරෝධයක් තිබෙනවා. රටට ආයෝජන අවශ්‍ය ම මොහොතක ආයෝජන මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙනව. ආයෝජන මණ්ඩලයේ සභාපති ඇතුළු පිරිස මතින් ගියේ 2017 හා 2019 යහපාලන කාලෙ සිදුවන අක්‍රමිකතා. ඒව වර්තමානයේ සිදුවුන විදියටයි එළියට දැම්මෙ. කරුණු කාරණා පැහැදිලි ව තිබියදීත් කෝප් එකේ දී මේ අයට සාධාරණය වුනේ නැ. ඒ අයව ඩිෆෙන්ඩ් කළේ නැ.  ඔය සංජය මොහොට්ටාල සභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකෙ පුරාම නමක් තියෙන ව්‍යාපාරික ලෝකෙ නම්දරාපු අය. ඒක ව්‍යාපාර ලෝකය, පුද්ගල සන්නාම ගැන දන්න අය දන්නව. 

මේ අය කුණු කතා අහගන්න කැමති නැ. ඒ අය ආවේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ආණ්ඩුවට රට ගොඩදාන්න උදව් කරන්න. අන්තිමට මේව ගැන හාන්කවිසියක් නොදන්නා පාර්ශවයක දෝශ දර්ශනයට ලක් වෙන්නෙ ඇයි කියල හිතල මේ පිරිස ඉල්ලා අස්වෙලා.

- මහින්ද පතිරණ 
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka