gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෑස් ප්‍රශ්නය නිසා ජනතාව විතරක් නෙවෙයි අපිත් බයවෙලා ඉන්නෙ - ඇමති ජොන්ස්ටන් (VIDEO)

ගෑස් ප්‍රශ්නය නිසා ජනතාව නිසා ජනතාව පමණක් නොව තමන් ඇතුළු මැති ඇමතිවරුන් ද බියපත් වී සිටින බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. 

"උපදේශක කාරක සභාව කැඳවලා මේ ගැන සාකච්ඡා කරන්න උනන්දුවක් තියෙන සියලුම දෙනා ගෙනල්ලා මොරටුව විශ්වවිද්‍යාලයෙන් පවා විශේෂඥයො ගෙනල්ලා ඊයෙ ඒ ගැන සොයාබලන්න රැස්වීමක් තිබ්බා. ඉතිං මම කියන්නෙ මේ ගැන හොයන්න ඕනෙ. මේකෙ ඇත්තටම මොකක්ද යන්නෙ, මේකෙ කුමන්ත්‍රණයක් තියෙනවද, එහෙම නැත්නම් මේක ඇත්ත වශයෙන්ම සිද්ධ වෙනවද කියලා හොයන්න ජනාධිපතිතුමා වෙනම මණ්ඩලයක් පත්කරලා තියෙනවා. ඒකෙ වාර්තාව එනකල් අපි ඉන්නෙ. 

ජනතාව විතරක් නෙවෙයි අපි ඔක්කොම බයවෙලා ඉන්නෙ. ඒක අමුතු දෙයක් නෙවෙයිනෙ. අපේ ගෙවල් වලත් ගෑස් තියෙනවා. ඉතිං ජනතාව විතරක් නෙවෙයි, මුළු මහත් රටම ලොකු ප්‍රශ්නෙක. මේක මේ මෙහෙම දේවල් වෙන වෙන පක්ෂවලටත් කරන්න පුළුවන්. ඒක නිසා මේ ගැන හොයන්න ජනාධිපතිතුමා දාලා තියෙනවා. අපි මේ ගැන හොයනවා. හොයලා මේකෙ සත්‍යතාවය එළියට එයි. වැරැද්දක් වෙලා තියෙනවා නම් ඔවුන්ට නීතිය මගින් දඬුවම් කරනවා'' 

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (02) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka