gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෑස් පුපුරන්නේ ඩොලර් නැතිනිසා බියුටේන් අඩු කිරීමෙන්..

ගෘහස්ථ ගෑස් සිලින්ඩර රටපුරා අනතුරුවලට ලක්වීමේ ප්‍රධාන හේතුවක් වන්නේ ගෑස් සංයුතිය බියුටේන් ප්‍රමාණය අඩු කිරීම නිසා විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

විදේශ සංචිත හිගකම නිසා බියුටේන් ප්‍රමාණය අඩු කිරීම සිදුකර ඇති බවද ඔහු පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයන් සමග ඊයේ පැවති සාකච්ඡාවක් අතරවාරයේදීය.

අද වන විට රජය මුහුණ දී සිටින දරුණු විදේශ මුදල් හිඟය හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල ප්‍රොපේන් වලට සාපේක්ෂව බියුටේන් ප්‍රමාණය අඩු කිරීම රටපුරා ගෑස් ගිනි ගැනීම් වලට හේතු විය හැකි බවට ඊට සම්බන්ධ විශේෂඥයන් පවා ප්‍රකාශ කර ඇතැයි ද වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේය.

බියුටේන් ප්‍රතිශතය අඩු අඩු කර එය පූර්ව පරීක්ෂාවකින් තොරව වෙළඳපොළට මුදාහැරියේ නම් ප්‍රබල වරදක් බවද වික්‍රමසිංහ මහතා තවදුරටත් එහිදී පැවසීය.

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka