gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චීන පෝර නැවට තවදුරටත් නොගෙවන්නැයි නියෝගයක්!

කාබනික පොහොරවලට අදාළව චීන සමාගමට මුදල් ගෙවීම වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණය මහජන බැංකුවට පැනවූ වාරණය ලබන 23 වැනිදා දක්වා යළි දීර්ඝ කර තිබේ.

අහිතකර ක්ෂුද්‍රජීවීන් ඇතැයි හඳුනාගත් චීනයේ චින්දාඕ සීවින්ග් බයොන්ටෙක් සමාගමට හා එහි දේශීය නියෝජිතයාට විවෘතකර ඇති ණයවර ලිපිය මගින් කිසිදු ගෙවීමක් නොකරන ලෙස මහජන බැංකුවට අධිකරණය එම වාරණ නියෝගයක් නිකුත් කළේ පසුගිය ඔක්තෝබර් මාසයේදී ය.

වාණිජ මහාධිකරණය මෙම නියෝගය නිකුත්කර තිබුණේ, ලංකා පොහොර සමාගම සිදු කළ ඉල්ලීමකට අනුවයි.

මේ අතර උපද්‍රවකාරී ක්ෂුද්‍ර ජීවින් ඇති බවට මෙරට ශාක නිරෝධායන සේවය දෙවරක් තහවුරු කළ චීන කාබනික පොහොර තොගය රැගත් හිපෝ ස්පිරිට් නෞකාව තවමත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ රැඳී සිටී.

ජාත්‍යන්තර නාවුක ගමනාගාමන දත්තවලට අනුව එම නෞකාව ඊයේ නැංගුරම්ලා තිබුණේ, බේරුවල සිට නාවික සැතපුම් 12.4 ක සෘජු දුරකිනි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka