ඇමැති ගම්මන්පිල අලුත් සමාගමක් හදයි - කැබිනට් අනුමැතියත් හිමිවෙයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලිත සමාගමක් වශයෙන් ‘ජාතික තෙල් වායු සමාගමක්’ පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලිත සමාගමක් වශයෙන් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති අදාළ සමාගමට 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ V වන කොටස ප්‍රකාරව පැවරී ඇති කාර්යයන් සහ කර්තව්‍යයන් ඉටු කිරීමේ වගකීම පැවරෙනු ඇති.
ඒ අනුව, 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ "ජාතික තෙල් වායු සමාගම" පිහිටුවීම පිණිස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
ඇමැති ගම්මන්පිල අලුත් සමාගමක් හදයි - කැබිනට් අනුමැතියත් හිමිවෙයි
2021-11-24T11:47:00+05:30
Gossip Lanka Hot News







