පොහොර තීන්දුව රජය හකුලා ගනී - රසායනික පොහොර ආනයනයට අද සිට අවසර!
රසායනික පොහොර, කෘමිනාශක , වල්නාශක ආනයනය කිරීමට අද (24) සිට අවසර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.
මීට අදාළව 2021 අප්‍රේල් මාසයේ 26 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය අද (24) දිනයේ සිට ඉවත් කිරීමට ඊයේ තීරණය කළ බව ඇමැතියරයා පැවසුවා.
ඒ අනුව, පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කර වෙළඳපොළට නිකුත් කිරීමේ අවස්ථාව හිමිවෙයි.
කෙසේ වෙතත් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වන රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
රජයේ පොහොර සහනාධාරය, බීජ, වී සඳහා සහතික මිලක්, තාක්ෂණය, වෙළඳපොළ යනාදි සියලු දේ ලබා දෙන්නේ හරිත කෘෂිකර්මානය සඳහා බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
පොහොර තීන්දුව රජය හකුලා ගනී - රසායනික පොහොර ආනයනයට අද සිට අවසර!
2021-11-24T11:11:00+05:30
Gossip Lanka Hot News






