gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

'විනාශයට වගකියන්න බෑ කියයි' - වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොවිඩ් සායනික කමිටුවෙන් ඉවත්වේ!

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොරෝනා මර්ධනය පිළිබඳ සායනික කමිටු සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.

මේ බව දන්වමින් ඔහු විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට විද්‍යුත් ලිපියක් යොමු කර ඇති බවද සඳහන්ය.

ඔහු එම ධුරයෙන් ඉවත් වී ඇත්තේ එම කමිටු විසින් ගනු ලබන ඇතැම් තීරණ වලට තමන්ට එකඟ විය නොහැකි බව සඳහන් කරමිනි.

විජයවික්‍රම මහතා ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා ලෙස සේවය කරයි.

රට වසා දැමීම සහ එන්නත් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුව දුන් උපදෙස් අනුව සිදු නොවන බවත් වෙනත් අවශ්‍යතා මත තීරණ වෙනස්ව ඇති බවත් පවසමින් ඒ හේතුවෙන් අනාගතයේ සිදුවන ව්‍යසනයන්ට තමන්ට වගකිව නොහැකි බව ද ඔහු දන්වා තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka