රබිත රාජපක්ෂගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී...! රබිත ෆෝනුත් ඕෆ් කරන් පනී!
හිටපු අධිකරණ අමාත්ය විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂගේ නිවසට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (28) රාත්රියේ ගොස් ඇති බව වාර්තා වේ. රඛිත රාජපක්ෂගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් සඳහා මෙසේ එම නිලධාරීන් කණ්ඩායම රාජගිරිය ප්රදේශයේ මහල් නිවාස සංකීර්ණයක පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇත.
වාහන බදු වංචාවට වරද පිළිගත් හිටපු ඇමති ජොන්ස්ටන්ට දඩුවම් නියම කිරිම නොවැම්බර් 11 වනදා දක්වා කල් තබයි
කොළඹ හිල්ටන් හෝටලයේ රථගාලක නවතා තිබී සොයාගත්, ලියාපදිංචි නොකළ සහ ව්යාජ අංක තහඩු යොදවා තිබූ BMW වර්ගයේ මෝටර් රථයක් නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගැනීම හා බදු වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇති හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු බව පිළිගන්නා බව ඔහු වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ මඩුල්ල කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා හමුවේ අද(28) දැනුම් දුන්නා.
නෙතන්යාහුගේ බලය ගිලිහේ... ඊශ්රායලයට සභාග ආණ්ඩුවක්!
ඊශ්රායලයේ පැවති මහ මැතිවරණයේ ඡන්ද විමසීමෙන් අනතුරුව නිකුත් වූ මූලික නිල නොවන ඡන්ද විමසුම් අනුව, වත්මන් අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු හෝ ඔහුගේ ප්රධාන ප්රතිවාදියා වන හිටපු හමුදාපති ගාඩි අයිසන්කොට් යන දෙදෙනාගෙන් කිසිවෙකුටත් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්ය බහුතර බලය තහවුරු කර ගැනීමට නොහැකි වී ඇත.
මහින්ද රාජපක්ෂට විශාදය! ළග ළගම රෝහලට!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට විටින් විට හටගන්නා අධි රුධිර පීඩනය සහ දැඩි විශාද තත්ත්වයෙන් පෙළෙමින් රෝහල්ගතව ප්රතිකාර ලබන බවත්, ඔහුගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ජීවිත අවදානමක් සහිත විවෘත හදවත් සැත්කමකට භාජනය වීමට නියමිතව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් (27) අනාවරණය කළේය.
























