gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රබිත රාජපක්ෂගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී...! රබිත ෆෝනුත් ඕෆ් කරන් පනී!

හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂගේ නිවසට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (28) රාත්‍රියේ ගොස් ඇති බව වාර්තා වේ. රඛිත රාජපක්ෂගේ වත්කම් පිළිබඳ විමර්ශනයක් සඳහා මෙසේ එම නිලධාරීන් කණ්ඩායම රාජගිරිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇත.

එහෙත් ඒ අවස්ථාව වනවිට රඛිත රාජපක්ෂ සහ ඔහුගේ රියදුරු යන දෙදෙනාම සිය ජංගම දුරකථන ද අක්‍රිය කර නිවසෙන් පිටව ගොස් තිබී ඇති බව සඳහන්.

රඛිතගේ පියා වන විජේදාස රාජපක්ෂ ද ඒ මොහොතේ දී සිය පුත්‍රයාව සෙවීම සඳහා ඔහුගේ හිතමිතුරන්ට දුරකථන ඇමතුම් ලබාදෙමින් උත්සාහ දරා ඇතත් එය ද සාර්ථක වී නොමැති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

පාතාල නායකයකුගෙන් රුපියල් කෝටි 12ක් අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2025 ජුනි 25 වනදා අත්අඩංගුවට ගෙන මාසයක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර ද සිටි රඛිත රාජපක්ෂ මේ වනවිට සිටින්නේ ඇප මත නිදහස්ව ය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka