gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

හෝමාගම තරුණයාගේ මරණයට සැකපිට හෝමාගම පොලිසියේ Crime OIC අත්අඩංගුවට.. අධිකරණය නියෝග කරන තුරු අත්අඩංගුවට ගත්තේ නෑ..

හෝමාගම පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ පසුවෙද්දී තරුණයෙකු සැකකටයුතු ලෙස මියයාමේ සිද්ධියට අදාළ විමර්ශන කඩිනම් කර, ඊට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනෙවිය කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වෙත නියෝග කළාය.

ඒ අනුව හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී හා විධිමත් පරීක්ෂණයක් සිදුකර, ඊට සෘජුව වගකිවයුතු පුද්ගලයන් වහා අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මියගිය තරුණයාගේ ඥාතීන් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව ගොනු කර තිබූ විශේෂ මෝසමක් අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබා දුන්නාය.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට හෝ ප්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය වන්නේ නම්, ඒ සඳහා බන්ධනාගාරය වෙත ගොස් කටයුතු කිරීමට ද කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නාය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka