gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලන්කන් යානයක් ගුවන් ගත වෙන්නම යද්දී එන්ජිමක් කැඩේ... හදිසි තිරිංග යොදා ටයර් කඩාගෙන නවත්තාගනී!

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා පියාසර කිරීමට සූදානම් වූ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක එන්ජිමක හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන්, එහි ගුවන්ගතවීම හදිසියේ අත්හිටුවීමට පියවර ගත් බව ගුවන් සේවා තොරතුරු වාර්තා කරන 'ඒවියේෂන් වොයිස්' වාර්තා කරයි.

ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් එයාර්බස් A330-300 වර්ගයේ 4R-ALR දරන UL503 ගුවන් යානය ධාවන පථය ඔස්සේ ඉහළට එසවීමට සූදානම් වූ අවස්ථාවේදී එහි අංක 02 එන්ජිමේ මෙම හදිසි දෝෂය හටගෙන තිබේ.

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ ගුවන් නියමුවන් අධික වේගයෙන් ධාවනය වෙමින් තිබූ යානය ගුවන්ගත කිරීම වහාම අත්හිටුවා එය ආරක්ෂිතව පාලනය කර ගැනීමට සමත්ව ඇත. 

හදිසි තිරිංග යෙදීමත් සමඟ ගුවන් යානයේ ටයර්වලට ද හානි සිදුව ඇති බව මූලික නිරීක්ෂණවලින් අනාවරණය වී ඇති අතර, සිදුවීමට තුඩුදුන් නිශ්චිත හේතු මෙතෙක් අනාවරණය වී නොමැත.

කෙසේ වෙතත්, නියමුවන්ගේ කඩිනම් සහ නිවැරදි තීරණය හේතුවෙන් යානයේ සිටි සියලුම මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් කිසිදු හානියකින් තොරව ආරක්ෂිතව බේරා ගැනීමට හැකිවූ බව තහවුරු කර තිබේ. 

සිද්ධියට අදාළ මූලික හේතුව සොයා ගැනීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු හා තාක්ෂණික අංශ මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka