සහරාන් සමග වනාතවිල්ලුව ලැස්ටෝස් වත්තේ නීති විරෝධී පුරන ද්‍රව්‍ය රැස්කළ බවට දෙදෙනෙක් වරදි පිළි ගනී!
සහරාන් හෂිම් ඇතුළු මුස්ලිම් ආගමික අන්තවාදීන් සමග එක්ව 2018 වසරේදී පුත්තලම වනාතවිල්ලුව ලැස්ටෝස් වත්තේ නීති විරෝධී ආකාරයෙන් ගිනි අවියක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය රැස්කර තැබීම ඇතුළු චෝදනා යටතේ අබු හනීෂා මොහොමඩ් මුසිත් හෙවත් අබු දහිදා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී මේ වන විට ඇප මත මුදාහැර ඇති විත්තිකරුවෝ දෙදෙනා තමන් වරද පිළිගැනීමට සූදානම් බව අධිකරණය හමුවේ සඳහන් කර තිබෙනවා.
පාස්කු ප්‍රහාර විමර්ශනවලදී අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ගෝඨාභය කළ පෙත්සම අභියාචනාධිකරණයෙන් නිෂ්ප්‍රභ කරයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තැබීම වළක්වන නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කර තිබෙනවා.























