gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම... කැමරා ශිල්පියා සියල්ල වමාරයි... සැගවුණු පුද්ගලයා කවුද?

රටේ මහජන මුදල් රුපියල් ලක්ෂ 166ක් වියදම් කරමින් පෞද්ගලික විදෙස් සංචාරයක නිරත වීමේ චෝදනාවට අදාළ නඩුවට පෙනී සිටීමට රනිල් වික්‍රමසිංහ ඔහුගේ බිරිද සමග (30) දින අධිකරණයට පැමිණ ආපසු යන අවස්ථාවේ සිදුවීමක් පිළිබඳව මේ වනවිට විවාදයක් නිර්මාණය වී ඇත.

රනිල් වික්‍රමසිංහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව පිටතට පැමිණෙමින් සිටියදී ඔහුගේ ආරක්ෂාව සැපයූ නිලධාරියෙකුගේ හිසට, පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙකුගේ කැමරාවෙන් පහරදීමක් සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සංසරණය විය.

රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියා කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිලි කර ඇත්තේ කැමරාවෙන් පහරදීම හේතුවෙන් ක්ලාන්තය සහ වමනය තත්ත්වයට අදාළ ලක්ෂණ මතුව ඇති බවයි.

අනතුරුව අදාළ ආරක්ෂක නිලධාරියා කොම්පඤ්ඤවීදිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළේය.

කොම්පඤ්ඤවීදිය පොලීසිය මෙම පැමිණිල්ලට අදාළව කළ දැනුම්දීමට අනුව පෞද්ගලික මාධ්‍ය ආයතනයේ කැමරා ශිල්පියා පොලීසිය හමුවේ පෙනී සිටිමින්, තමන් කිසිදු අයුරකින් පහරදීමක් සිදු නොකළ බව ප්‍රකාශ කර ඇත.

පෞද්ගලික මාධ්‍ය ආයතනයේ කැමරා ශිල්පියා සඳහන් කළේ,

“මම අවුරුදු 15කට වැඩි කාලයක් කැමරා ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා. මට රනිල් වික්‍රමසිංහ හමුවුන පළමු අවස්ථාවත්, අවසන් අවස්ථාවත් මේක නෙමෙයි. අදත් මම ප්‍රවෘත්ති ආවරණ කටයුතු කළා.

එළියට එද්දි තමයි මේක වුණේ. මගේ එක් අතක කැමරාව අනෙක් අතේ ෆෝන් එක. ආරක්ෂක නිලධාරියා මාව තල්ලු කළා. වැටෙන්න යද්දි මගේ කැමරාවත් වැටෙන්න ගියා. මම ඒක අල්ලගන්න ගියේ.

පස්සේ සමාජ මාධ්‍යවල මම දැක්ක මම ගැහුවා කියල යනවා. ගැහුවා නම් ඒ වෙලාවේ ආරක්ෂක නිලධාරියා ඔලුවවත් අල්ලන් ඉන්නවා මම දැක්කේ නෑ. මගේ කැමරාව ලක්ෂ අටකට වැඩිය වටින කැමරාවක්.

ඒකේ සෙන්සිටිව් කොටස් ගොඩක් තියෙනවා. ඔය කියන විදිහට ගැහුවනම් මගේ කැමරාව කැඩෙන්න ඕනේ. මම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා. මම කිසිම විදිහක පහරදීමක් කළේ නැහැ.”

පොලීසිය මෙම සිද්ධියට අදාළව රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියා සමග සිටි තවත් ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත.

අනතුරුව සිද්ධියට මුල් වූ ආරක්ෂක නිලධාරියාගේ වෛද්‍ය වාර්තා පොලීසිය විමසා බැලීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් පෞද්ගලික මාධ්‍ය ආයතනයේ කැමරා ශිල්පියා පොලිස් ඇප මත මුදාහැර ඇත.

පොලිසිය දැනුම් දුන්නේ, අනුදැනුමකින් පහරදීමක් කළ බවට නිරීක්ෂණය නොවන බවත් එලෙස පහරකෑමට ලක්වූ බව කියන පුද්ගලයාගෙන් සිද්ධිය වූ අවස්ථාවේ එවැනි ප්‍රතිචාරයක් දක්නට නොලැබුනු බවයි.

මෙය සුලු තුවාල සිදුවීම සම්බන්ධ කරුණක් බැවින් ඉදිරියේදී කැඳවීමක් කළහොත් සමථ මණ්ඩලය හමුවට හෝ පොලීසියට ඉදිරිපත් වන ලෙස නියෝග කරමින් කැමරා ශිල්පියා පොලිස් ඇප මත මුදාහැර ඇත.

මේ අතර තවත් වීඩියේ දර්ශන වලට අනුව කැමරා ශිල්පියාගේ පිටුපසින් සිටින පුද්ගලයෙක් ඔහුගේ කමිසයෙන් පිටුපසට අදින ආකාරයක් සහ තවත් පුද්ගලයෙක් තල්ලු කරන ආකාරය පෙන්නුම් කරයි.

එම අවස්තාවේදි ඔහුගේ සමබරතාවය ගිලිහී ඇදවැටීමට යන ආකාරය වීඩියෝවල දර්ශනය වන අතර ඉන් පසුව ඔහු නොවැටී සිටීමට වැර ගනිමින්ම කැමරාව පහල සිට ඉහලට ඔසවා ගනිමින් නැවත වීඩියෝ කිරීමට ගන්නා උත්සාහයේදී ඔහුගේ කැමරාව ආරක්ෂකයාගේ හිසෙහි ගැටෙනු පෙනේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka