දලදා මාලිගයට, ශ‍්‍රී මහ බෝධියට ප‍්‍රහාරයක් සැලසුම් කල අයෙක් අත්අඩංගුවට!
ශ්‍රී දළදා මාලිගාව, ශ්‍රී මහා බෝධිය ඇතුළු බෞද්ධ සිද්ධස්ථානවලට ප්‍රහාරයක් එල්ල කිරීමේ උත්සාහයක් ගෙන ගිය බව කියන 21 හැවිරිදි පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් (30) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසයි. දළදා මාලිගාව, ශ්‍රී මහා බෝධිය, ථූපාරාමය, රංගිරි දඹුළු විහාරය ඇතුළු ස්ථාන රැසකට නොවැම්බර් 19 වැනිදා ප්‍රහාරයක් එල්ල කිරීම අරමුණ බව සඳහන් කරමින් බුදුරජාණන් වහන්සේට අපහාසාත්මක නාමයකින් සමාජ මාධ්‍යයේ පවත්වාගෙන ගිය සමූහයක් ගැන ප්‍රසිද්ධ විහාරස්ථානයක හිමිනමක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කර තිබිණි.
ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන සිදුකර මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු මෙම සමූහයේ ක්‍රියාකරු ලෙස කටයුතු කළ පුද්ගලයා බවද ඔහුගේ පියාද විශ්‍රාමික යුද හමුදා නිලධාරියකු බවද අනාවරණය වී ඇත.
සැකකරුගේ මුහුණු පොතේ පවත්වාගෙන ගිය එම සමූහයට එක්කළ පණිවුඩය මගින් පුද්ගලයන් කිහිපදෙනකුගේ නම් සහ දුරකතන අංකද ඇතුළත් කර තිබෙන අතර එහි අවසන් වශයෙන් සඳහන් කර තිබී ඇත්තේ ‘‘අප සියලු දෙනාගේම එකම අරමුණ බුදු දහම මුළු සමස්ත ලෝකයෙන්ම අතුගා දැමීම’’ යනුවෙනි. එය ඒකාන්තයෙන්ම සිදුකරන්නෙමු යනුවෙන්ද එහි සඳහන් වේ.
මෙම සිද්ධියට අදාළ තවත් සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
- Aruna
දලදා මාලිගයට, ශ‍්‍රී මහ බෝධියට ප‍්‍රහාරයක් සැලසුම් කල අයෙක් අත්අඩංගුවට!
2026-10-02T15:48:00+05:30
Gossip Lanka Hot News





