gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

න්‍යෂ්ටික අවිවලින් පහර දෙනවා..- රුසියාව NATOට දැනුම් දෙයි..

රුසියාවට අයත් කලිනින්ග්‍රෑඩ් කලාපය සෙසු රුසියානු භූමියෙන් හුදෙකලා කිරීමට උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ (NATO) කිසියම් හෝ සාමාජික රටක් උත්සාහ කළහොත්, එම භූමිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් න්‍යෂ්ටික අවි භාවිත කිරීමට හෝ නොපැකිළෙන බවට රුසියාව නේටෝ සංවිධානයට දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.

කලිනින්ග්‍රෑඩ් කලාපය ඉලක්ක කර ගනිමින් නේටෝ සංවිධානය ගුවන් සහ නාවික අවහිරතාවක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි යුරෝපයේ පිහිටි රුසියානු තානාපති කාර්යාල කිහිපයක් නිකුත් කළ නිවේදනවලට අනුකූලව මෙම නිල අනතුරු ඇඟවීම නේටෝව වෙත යොමු කර ඇත. මහා බ්‍රිතාන්‍යයේ සහ අයර්ලන්තයේ පිහිටි රුසියානු තානාපති කාර්යාල සිය ටෙලිග්‍රෑම් නාලිකා ඔස්සේ ද, බෙල්ජියමේ පිහිටි තානාපති කාර්යාලය 'ටාස්' (Tass) පුවත් සේවය ඔස්සේ ද මෙම ප්‍රකාශ නිකුත් කර තිබේ.

රුසියාව වෙනත් රටකට ප්‍රහාර එල්ල කළ හැකි බවට හෝ ඩ්‍රෝන ප්‍රහාර හා කඩාකප්පල්කාරී ක්‍රියා මඟින් යුරෝපය අස්ථාවර කිරීමට සැරසෙන බවට යුරෝපා නායකයන් නඟන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇති මොස්කව් පාලනය, යුරෝපා නායකයන් භයානක ක්‍රීඩාවක නිරත වන බවට ද චෝදනා කරයි.

අයර්ලන්තයේ රුසියානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, “නේටෝ රටවල් කලිනින්ග්‍රෑඩ් කලාපය රුසියාවෙන් වෙන් කිරීමට ක්‍රියා කළහොත්, සිය භූමිය ආරක්ෂා කර ගැනීම උදෙසා න්‍යෂ්ටික අවි ඇතුළු සියලු අවි ගබඩාවන් භාවිත කිරීමට රුසියාව සූදානම් බවට කිසිදු සැකයක් නොතිබිය යුතුයි” යනුවෙනි.

රුසියාවෙන් ලිඛිත පණිවිඩයක් ලැබුණු බව තහවුරු කළ නේටෝ ප්‍රකාශිකා ඇලිසන් හාර්ට් මහත්මිය, බලය පෑමේ තර්ජන මෙන්ම වගකීම් විරහිත න්‍යෂ්ටික ප්‍රකාශ තරයේ හෙළා දකින බව කියා සිටියාය. නේටෝව යනු ආරක්ෂක සන්ධානයක් පමණක් බවත්, කලිනින්ග්‍රෑඩ් ඉලක්ක කර ගනිමින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා අතර තම කිසිදු අභ්‍යාසයකින් රුසියාවට තර්ජනයක් එල්ල නොවන බවත් ඇය අවධාරණය කළාය.

පෝලන්තය සහ ලිතුවේනියාව යන නේටෝ සාමාජික රටවලින් වටවී ඇති බෝල්ටික් මුහුදු තීරයේ පිහිටි කලිනින්ග්‍රෑඩ් කලාපය, රුසියාවේ ප්‍රධාන බෝල්ටික් නාවික මූලස්ථානය මෙන්ම න්‍යෂ්ටික බලය සහිත Iskander මිසයිල පද්ධති ද රඳවා ඇති උපායමාර්ගික කලාපයකි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ක්‍රෙම්ලින් මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් මහතා ප්‍රකාශ කළේ, කලිනින්ග්‍රෑඩ් සම්බන්ධයෙන් පෝලන්තය ඇතුළු යුරෝපා රටවල් සිදුකරන ආක්‍රමණශීලී ප්‍රකාශ හමුවේ, රුසියාවේ ප්‍රතිපත්තිමය ස්ථාවරය පිළිබඳව යුරෝපය වෙත මතක් කර දීම රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සාමාන්‍ය වගකීමක් බවයි.

කෙසේ වෙතත්, යුක්‍රේනය වෙත ලබා දෙන සහයෝගය කිසිසේත් අත්නොහරින බවත්, නේටෝ සන්ධානයට අයත් සෑම බිම් අඟලක්ම ආරක්ෂා කිරීමට අවශ්‍ය ශක්තිය සහ සූදානම තමන් සතු බවත් නේටෝ සංවිධානය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka