සජිත්ටත් ලොකු ලෙඩක් වැටෙයි... CID ප්‍රශ්ණ කරන්න යයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධ බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ සිදුකළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.
පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීරණාත්මක තීන්දුව හෙට... රිෂාඩ් බදූර්දීන් කෙඳිරි ගාන්න පටන් ගනී!
2019 වසරේ අප්‍රේල් 21 වැනිදා මුළු ශ්‍රී ලංකාවම භීතියට පත් කරමින් එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව, කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වූ ප්‍රධාන මහ නඩුවේ අවසන් තීන්දුව එළඹෙන සැප්තැම්බර් 22 වැනි අඟහරුවාදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. මෙරට අධිකරණ ඉතිහාසයේ දැවැන්තම සහ සංකීර්ණතම නඩු විභාගයක් ලෙස සැලකෙන මෙම නඩුවේ තීන්දුව දෙස මුළු රටේම අවධානය යොමු වී ඇත.
නිවැරදි ක්‍රමයට මට ජනපති සමාව දෙන්න ජනපති අනුරට පුළුවන්... මා වෙනුවෙන් ජනපති සමාව මට ඉල්ලන්න - ඥාණසාර හිමි
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන් වෙත ලබා දුන් ජනාධිපති සමාව ක්‍රියාත්මක කිරීමේදී නිලධාරීන් අතින් සිදුවූ පරිපාලනමය දෝෂ නිවැරදි කර, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් තමන් වෙනුවෙන් යළිත් ජනාධිපති සමාව අයැද සිටින ලෙස බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් කළහ.
බලය තහවුරු කිරීමට රාජපක්ෂ පවුලෙන් අලුත් දේශපාලන නායකයෙක්! - චරිතය කාන්තාවක්?
දේශපාලනයේ නියැළී සිටින ප්‍රබල සාමාජිකයන් රැසකට එල්ල වී ඇති බරපතළ දූෂණ හා වංචා චෝදනා හමුවේ, රාජපක්ෂ පවුලේ දේශපාලන අනාගතය රැකගැනීම සඳහා නව උපායමාර්ගික තීරණයකට එළඹෙමින් සිටින බව වාර්තා වේ. පවුලේ ප්‍රධානීන් සහ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු සිරගත වීමේ අවදානමකට මුහුණ දී සිටින පසුබිමක, දේශපාලන කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා කිසිදු චෝදනාවක් නැති අලුත්ම චරිතයක් කරළියට ගෙන ඒමට ඔවුන්ගේ අවධානය යොමුවී ඇත.
පාස්කු ප්‍රහාරය නැත්නම් ගෝඨාභය රාජපක්ෂ කියලා ජනාධිපති කෙනෙක් නෑ!
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කල්තියා තොරතුරු අනාවරණය වී තිබු බවට අධිකරණය ක්‍රියාවලියේදී හෙළිවෙමින් ඇතැයි මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන සඳහන් කරයි.
එම ප්‍රහාරය සම්බන්ධ තොරතුරු හිතාමාතා වසන් කර ප්‍රහාරය එල්ල කිරීමට ඉඩ හැර තිබු බවට දිගින් දිගටම කළ චෝදනාව දැන් සාක්ෂි මගින් අනාවරණය වෙමින් පවතින බවද මාධ්‍යවේදි තරිඳු ජයවර්ධන සඳහන් කරයි.
























