නාමල්ට සෙත් පතන බෝධි පූජාවට ඉඩ නොදේ..
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට සෙත්පතා මාතර ඓතිහාසික බෝධි පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ විශේෂ බෝධි පූජාමය පිංකමකට ඉඩ ලබාදිය නොහැකි බව මාතර බෝධි ආරක්ෂක සභාව දැනුම් දී තිබේ.
මෙම බෝධි පූජාව පැවැත්වීම සඳහා මීට දින කිහිපයකට පෙර සියලු නීත්‍යනුකූල අවසරයන් ලබාගෙන තිබූ බව එහි සංවිධායක මණ්ඩලය පවසයි.
කෙසේවෙතත්, බෝධි ආරක්ෂක සභාව විසින් පසුව ගනු ලැබූ මෙම තීරණය හේතුවෙන්, නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ආශිර්වාද පතා සිදු කිරීමට නියමිතව තිබූ බෝධි පූජා පිංකම වෙනත් සුදුසු ආගමික ස්ථානයක් වෙත රැගෙන ගොස් පැවැත්වීමට සංවිධායකවරුන්ට සිදුව ඇතැයි වාර්තා වේ.
නාමල්ට සෙත් පතන බෝධි පූජාවට ඉඩ නොදේ..
2026-09-20T00:21:00+05:30
Gossip Lanka Hot News






