gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නිමල් සිරිපාල සහ චමල් සමයේ ගිං-නිල්වලා ව්‍යාපෘතියේ මිලියන 4,089ක් ගිලලා... ජනාධිපතිවරණයට පෙර දිනත් සල්ලි පිල්ලි ගිහින්!

ගිං-නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සඳහා රුපියල් මිලියන 4,089ක (කෝටි 408කට අධික) විශාල මුදලක් වැය කිරීමේදී සිදුව ඇතැයි කියන මහා පරිමාණ මූල්‍ය දූෂණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. 

'දිවයින ඉරිදා සංග්‍රහය' වාර්තා කරන පරිදි, මෙම ව්‍යාපෘතිය ආරම්භක කාලසීමාවේදී වාරිමාර්ග විෂය භාර අමාත්‍යවරුන් ලෙස කටයුතු කර ඇත්තේ නිමල් සිරීපාල ද සිල්වා සහ චමල් රාජපක්ෂ යන මහත්වරුන්ය

විමර්ශනය ආරම්භ වූ ආකාරය සහ අලුත් තත්ත්වය

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා වෙත ලැබුණු පැමිණිල්ලකට සහ ඊට අදාළ ලිපිගොනුවකට අනුව මෙම විමර්ශන සක්‍රීය කර ඇත. හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වූ අශෝක පීරිස් මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු සඳහා එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ. ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය උදෙසා මෙලෙස රුපියල් මිලියන 4,089ක මුදලක් වැය කළ බව සඳහන් කර තිබුණද, ඊට අදාළ නිසි ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවද අනාවරණය වී ඇත.

අවස්ථා 3කදී මුදල් පිටතට

අවසන් වාරිකය ජනාධිපතිවරණයට පෙර දින!විමර්ශන වාර්තාවලට අනුව, අදාළ රුපියල් මිලියන 4,089ක මුදල අවස්ථා තුනකදී බාහිර පාර්ශ්වයන්ගේ ගිණුම් වෙත බැර කර තිබේ. මෙහි ඇති වඩාත් සැකකටයුතු කරුණ වන්නේ එහි අවසන් මුදල් වාරිකය බැර කර ඇත්තේ 2015 ජනාධිපතිවරණය පැවැත්වීමට මොහොතකට පෙර, එනම් ඊට පෙර දිනයේදී වීමයි.

අතපසු වූ පැරණි පරීක්ෂණ සහ නව බලාපොරොත්තුපසුගිය යහපාලන රජය සමයේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) මගින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ 2017 වසරේදී ආරම්භ කරන ලදී. නමුත්, එවකට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අයිවන් සිල්වා මහතා නවසීලන්තය වෙත පලාගිය අතර, පසුව එම විමර්ශන කටයුතු අතරමග නතර වී තිබිණි.

කෙසේ වෙතත්, නව පැමිණිල්ලත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර ඇති මෙම පූර්ණ විමර්ශනය හරහා මහජන මුදල් අවභාවිත කළ වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka