ඥාණසාර හිමි බන්ධනාගාරයේ ඝාතන සැලැස්මක් - පාතේගම ඤාණිස්සර හිමි
බන්ධනාගාරගතව පසුවන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට උත්සාහ දරා ඇත්තේ බන්ධනාගාරය තුළ කෘත්‍රිම ගැටුමක් මවාපා උන්වහන්සේ ඝාතනය කිරීමේ රහසිගත සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට බව ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤාණිස්සර හිමියෝ චෝදනා කරති.
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි... මෙය ද්වේෂසහගත ක්‍රියාවක් - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ලබා දී ඇති සිරදඬුවම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේය. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් කොළඹදී සංවිධානය කරන ලද 'බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම හා සිංහල බෞද්ධ උරුමයන් සුරකීමේ ජාතික මහා සමුළුව' අමතමින් හිටපු අගවිනිසුරුවරයා මේ බව සඳහන් කළේය.
ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කෙරේ (Video)
වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය වෙත ඇතුළත් කර තිබේ. බන්ධනාගාර වෛද්‍ය නිර්දේශ මත ශිරන්ති රාජපක්ෂ මහත්මියව මෙලෙස කොළඹ ජාතික රෝහල වෙත යොමු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න මහතා පැවසුවේය.
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවන ගමන් වීඩියෝ කරලා ලොක්කෙකුට බලන්න දීලා - ගම්මන්පිලගෙන් බරපතළ චෝදනාවක්!
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බලහත්කාරයෙන් ඉවත් කර බන්ධනාගාර ජම්පරය අන්දවන අවස්ථාවේදී, එක් නිලධාරියෙකු සිය ජංගම දුරකථනය ක්‍රියාත්මක කරමින් පිටත සිටින ප්‍රබල පුද්ගලයෙකුට එය සජීවීව නිරීක්ෂණය කිරීමට පහසුකම් සලසා දී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා බරපතළ චෝදනාවක් එල්ල කරයි.
හිටපු ජනාධිපති මහින්ද රෝහලේද? ගෙදරද? - මෙන්න එළියට ආපු ඇත්ත කතාව
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක සඳහන් කරන බව හිරු පුවත් සේවය වාර්තා කරනවා. මේ සම්බන්ධයෙන් අද දෙරණ වාර්තා කර ඇත්තේ හිටපු ජනපති මහින්ද රෝහල් ගත කළ බවට පලවන වාර්තා අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝඡ් ගමගේ මහතා පවසන බවයි.
BREAKING: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හදිසි හෘදයාබාදයක්! කොළඹ නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරේ!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ ඇති වූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ නවලෝක පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. පසුගිය දින කිහිපය මුළුල්ලේම විවිධ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට මුහුණ දී සිටි ඒ මහතා, අද (12) දිනයේදී වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් එහි රඳවා සිටින සිය බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බැලීමට සැලසුම් කර තිබූ බවද දැනගන්නට ඇත.
මර්වින් සිල්වා විවාහ යෝජනා කළ ‘පිල්ලේට’ හිමිවූ නොබෙල් අවධානය 2013 ශ්‍රී ලංකා සංචාරයේ අප්‍රසන්න මතකයන් නැවත අවදි කරයි
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමඟ පැවැති මතභේදාත්මක ගැටුම් පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවී පිල්ලේ මහත්මිය 2026 නොබෙල් සාම ත්‍යාගයේ ජයග්‍රාහිකාව ලෙස ප්‍රකාශයට පත්කර ඇත. එවකට පැවැති ආණ්ඩුව ඇයට චෝදනා කළේ ඇගේ, ජාතිකත්වය හේතුවෙන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය වෙත පක්ෂපාතීත්වයක් දක්වන බවත්, එම සංවිධානයේ ත්‍රස්ත ක්‍රියා නොසලකා හරින බවත්ය.

ළමා රෝහලට සී.ටී.ස්කෑනර් යන්ත්‍රයක් පරිත්‍යාග කරන්න කියා ඉතිරිකිරීමේ බැංකුවෙන් ගත් මිලියන 10යේ චෙක් එකෙන් සිරිලිය ‘ටොරිංටන් පෙදෙසින්’ ගෙයක් මිලදී අරගෙන!
රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා සී.ටී. ස්කෑනර් යන්ත්‍රයක් ලබාගැනීමට ‘කාල්ටන් සුව උදාන’ ව්‍යාපෘතිය විසින් කරන ලද ඉල්ලීමක් මත, ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් රුපියල් මිලියන 10ක චෙක්පතක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් ‘සිරිලිය පදනම’ වෙත නිකුත් කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.























