රෝහල්ගත කල මහින්දගේ තත්වය ගැන නිවේදනයක්!
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කරන ලද හිටපු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවත් වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා යොමු කර ඇති අතර, එම පරීක්ෂණවලින් කිසිදු බරපතළ ගැටලුවක් නොමැති බවට වෛද්‍යවරුන් තහවුරු කර ඇත.
ඒ අනුව මේ වන විට ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයාගේ තත්ත්වය අසාධ්‍ය බවට සහ ඔහු මානසිකව ඇදවැටී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද නීතිඥ මනෝජ් ගමගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය.
එමෙන්ම වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, මහින්ද රාජපක්ෂ මහතාගේ වයස්ගතභාවය සැලකිල්ලට ගනිමින් සාමාන්‍යයෙන් සිදු කරනු ලබන වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා මෙලෙස රෝහල්ගත කර ඇති බවත්, ඔහු මානසිකව වට්ටවාලීම ආණ්ඩුවේ අවශ්‍යතාවක් වුවද කිසිවෙකුටත් එලෙස මානසිකව වට්ටවාලිය හැකි නායකයෙකු ඔහු නොවන බවත්ය.
මේ පුවත තව අයට බලන්න
රෝහල්ගත කල මහින්දගේ තත්වය ගැන නිවේදනයක්!
2026-10-13T06:26:00+05:30
Gossip Lanka Hot News





