gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි... මෙය ද්වේෂසහගත ක්‍රියාවක් - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ලබා දී ඇති සිරදඬුවම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේය. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් කොළඹදී සංවිධානය කරන ලද 'බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම හා සිංහල බෞද්ධ උරුමයන් සුරකීමේ ජාතික මහා සමුළුව' අමතමින් හිටපු අගවිනිසුරුවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දුන්නේ, මහේස්ත්‍රාත් අධිකරණයකට අපහාස කිරීමේ වරදක් සම්බන්ධයෙන් නීතියෙන් නියම කළ හැකි උපරිම දඬුවම රුපියල් 1500 ක දඩයක් සහ මාස 18 ක සිරදඬුවමක් පමණක් බවයි.

එසේ තිබියදී අදාළ මහේස්ත්‍රාත්වරයා විසින් ලිපියක් මඟින් අභියාචනාධිකරණය වෙත යොමු කිරීමෙන් අනතුරුව, එවක අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් උන්වහන්සේට වසර 6ක සිරදඬුවමක් නියම කිරීම නීතියට පටහැනි ක්‍රියාවක් බව හෙතෙම අවධාරණය කළේය.

අභියාචනාධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් හැර වෙනත් අධිකරණයක සිදුවූ කරුණක් වෙනුවෙන් එවැනි දඬුවමක් ලබාදීමට ප්‍රතිපාදන නොමැති බවත්, ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීම සම්පූර්ණයෙන්ම සාධාරණ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

තවද, මේ වන විට ජාතික නායකයින් සහ භික්ෂූන් වහන්සේලා ඉලක්ක කරගනිමින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නඩු පැවරීම 'වෛරසයක්' සේ ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එක් පසෙකින් මහා සංඝරත්නයටත් තවත් පසෙකින් සිංහල බෞද්ධ නායකයින්ටත් එරෙහිව මෙම ක්‍රියාමාර්ග ද්වේෂසහගතව ක්‍රියාත්මක වන බවත් හිටපු අගවිනිසුරුවරයා චෝදනා කළේය.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා නීතිමය මාර්ගයෙන් කටයුතු කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka