gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

උතුරේ විරු සමරුවට මාලිමා මන්ත‍්‍රීවරුන්ද එක්වේ!

චාවකච්චේරි ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමට පෙර සංවිධානය කර තිබූ සැමරුමකදී ජාතික ජන බලවේගයේ (NPP) මන්ත්‍රීවරුන් ද සෙසු සභිකයන් සමඟ එක්ව මියගිය දෙමළ සටන්කාමීන්ට උපහාර දැක්වූ බව Tamil Guardian වාර්තා කර තිබේ.

ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවති මෙම සැමරුම් අවස්ථාව එම සභාවේ සභාපති පොන්නයියා කුගදාසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති බව වාර්තා උපුටා දක්වමින් එම පුවත් සේවය සඳහන් කරයි. 

සටන්කාමීන් ලෙස කටයුතු කළ සිය සහෝදර සහෝදරියන් දෙදෙනෙකු අහිමි වූ සභිකාවක වන කලෙයිවානි නිරන්තන් මහත්මිය විසින් එහිදී සැමරුම් පහන දල්වා ඇති බව ද එහි දැක්වේ.

අනතුරුව ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලක පක්ෂය වන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඇතුළු සෙසු සභිකයන් පිරිස ස්මාරකය වෙත සිය ගෞරවය පුද කර ඇති අතර, මියගිය පිරිස සිහිපත් කරමින් නිශ්ශබ්දතාවක් රැකීමෙන් පසුව සභා වාරය ආරම්භ කර ඇති බව ටැමිල් ගාඩියන් වාර්තාවේ සඳහන් වේ.

"මාවීරර්" යන්නෙහි අර්ථය "මහා වීරයන්" යන්න බවත්, එය දෙමළ විමුක්ති අරගලයේදී මියගිය සටන්කාමීන් හැඳින්වීම සඳහා දෙමළ ජනතාව භාවිත කරන නාමය බවත් පෙන්වා දෙන එම පුවත් වාර්තාව, ඔවුන් සෑම වසරකම නොවැම්බර් 27 වැනිදාට යෙදෙන "මාවීරර් දිනයේදී" (මහා වීරයන්ගේ දිනය) සිහිපත් කෙරෙන බව ද වැඩිදුරටත් සඳහන් කර ඇත.g

මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka