gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මහරගම තරුණ සේවා සභාවේ ‘ජවිපෙ පන්ති පහ’ කරනවා... බිම්ස්ටෙක් තරුණ සමුළුවට ඇමති කාර්යමණ්ඩල යවලා - දයාසිරි

මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රය ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයක් බවට පත්කර ගනිමින් එහි පක්ෂයේ ‘පන්ති පහ’ දේශපාලන අධ්‍යාපන සැසි පවත්වන බවටත්, ජාත්‍යන්තර බිම්ස්ටෙක් තරුණ සමුළුව නියෝජනය කිරීම සඳහා බිම් මට්ටමේ තරුණයන් වෙනුවට අමාත්‍යවරුන්ගේ පුද්ගලික ලේකම්වරුන් ඇතුළු හිතවතුන් පිටත් කර හැර ඇති බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී  චෝදනාවක් එල්ල කළේය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, බිම්ස්ටෙක් සංවිධානය සංවිධානය කළ තරුණ සමුළුව සඳහා අනෙකුත් සාමාජික රටවලින් නියම තරුණ නියෝජිතයන් සහභාගී වී සිටියදී, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී ඇත්තේ තරුණ කටයුතු සහ ඩිජිටල් ආර්ථිකය භාර නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පුද්ගලික ලේකම්වරුන් ඇතුළු අමාත්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා මෙසේ පැවසීය.

"මේ රටේ ජාතික තරුණ සේවා සභාවේ පහළ මට්ටමේ දක්ෂ තරුණ සහෝදර සහෝදරියන් ඕනෑතරම් ඉන්නවා. නමුත් බිම්ස්ටෙක් තරුණ සමුළුවට ලංකාවෙන් එකදු බිම් මට්ටමේ තරුණයෙක්වත් අරන් ගියේ නැහැ. අරන් ගියේ ජාතික ජන බලවේගයේ පක්ෂයේ වැඩ කරපු, ඇමැතිවරුන්ගේ පුද්ගලික ලේකම්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ අයයි. තමුන්නාන්සේලා රටට වෙනසක් කරනවා කියලා බලයට ඇවිත් කරන්නේ මේකද? ඉතිහාසයේ මෙවැනි දේ සිදුවූ නිසා තමයි ජනතාව ඒවාට විරුද්ධ වුණේ. 

අද වන විට මහරගම තරුණ සේවා සභාව සම්පූර්ණයෙන්ම ජවිපෙ ශාඛා සමිතියක් බවට පත් කරගෙන. සභාපතිවරයා සහ අධ්‍යක්ෂවරුන්ගේ මූලිකත්වයෙන් එහි අද 'පන්ති පහ' උගන්වනවා. පැලවත්ත පක්ෂ මූලස්ථානය මහරගමට ගෙනල්ලා දේශපාලනය කරනවා. එක්සත් ජාතික පක්ෂය මේ ආයතනය හදපු කාලයේවත් මෙහෙම දේශපාලනීකරණයක් සිදුවුණේ නැහැ."

ජාතික තරුණ සේවා සභාව යනු පක්ෂ දේශපාලනයෙන් තොරව මෙරට සමස්ත තරුණ ප්‍රජාවගේ කුසලතා සංවර්ධනය සහ නායකත්වය ගොඩනැංවීම වෙනුවෙන් ස්ථාපිත කරන ලද ප්‍රමුඛතම රාජ්‍ය ආයතනයක් බව සිහිපත් කළ මන්ත්‍රීවරයා, එම පරිශ්‍රය පක්ෂග්‍රාහී දේශපාලන මතවාද ප්‍රචාරය කරන මධ්‍යස්ථානයක් බවට පත්කිරීම තරයේ හෙළාදකින බවද කියා සිටියේය.

එමෙන්ම අදාළ බිම්ස්ටෙක් තරුණ සමුළුව සඳහා නිල වශයෙන් සහභාගී වූ කණ්ඩායමේ සිටි එකම හෝ සැබෑ බිම් මට්ටමේ තරුණ නියෝජිතයෙකුගේ නමක් පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන ලෙසද ඔහු විෂයභාර අමාත්‍යවරයාගෙන් අභියෝගාත්මකව ඉල්ලා සිටියේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka