gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පළාත් සභා ඡන්දය කැදවයි... විපක්‍ෂයේ හිටපු පිරිසිදු හොද මැති ඇමතිලා මාලිමාවෙන්...?

දීර්ඝ කාලයක් මුළුල්ලේ කල්දමා ඇති පළාත් සභා මැතිවරණය ලබන වසරේ ජූලි මාසයේදී උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව යන පළාත් හතර සඳහා මූලික අදියර යටතේ පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇති බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

මැතිවරණ කොමිෂන් සභාවේ පැවති සාකච්ඡාවකදී ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ ලබන වසරේදී පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බවයි.

ඉදිරි පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගනිමින් ජනතා ප්‍රසාදය දිනූ, සුදුසු අපේක්ෂකයන් තෝරාගැනීම සඳහා ජාතික ජන බලවේගය මේ වන විටත් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. 

එහිදී කිසිදු දූෂණ හෝ වංචා චෝදනාවක් නොමැති, විපක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෙරෙහි ආණ්ඩුවේ විශේෂ අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

එම සුදුසුකම් සහිත හිටපු මන්ත්‍රීවරුන් සමඟ මේ වන විටත් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත. 

පිරිසිදු දේශපාලන පසුබිමක් සහිත විපක්ෂ නියෝජිතයන්ට ජාතික ජන බලවේගය යටතේ නාමයෝජනා ලබාදීමට මෙහිදී ඉඩකඩ ඇති බවත් පුවත් වාර්තාවේ සදහන්ය.

මෙරට නිල සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදීද කල්දමා ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලීමක් කර තිබිණි. 

උතුරු සහ නැගෙනහිර ඇතුළු පළාත්වල බලය විමධ්‍යගත කිරීම තහවුරු කෙරෙන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය යළි ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව දීර්ඝ කාලයක සිට දක්වන උනන්දුව මෙම ඉල්ලීමට පාදක වී තිබේ.

2017 වසරේදී සම්මත කරන ලද පළාත් සභා මැතිවරණ පනත සහ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීම හේතුවෙන් පසුගිය වසර ගණනාව පුරා මෙරට පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි විය. අවසන් වරට පැවති පළාත් සභාවන්හි නිල කාලය 2018 සහ 2019 වසරවලදී අවසන් වීමෙන් පසු, වසර හතකට වැඩි කාලයක් මුළුල්ලේ දිවයිනේ සියලුම පළාත් සභා මහජන නියෝජිතයන්ගෙන් තොරව ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ පවත්වාගෙන යනු ලබයි.

පවතින නීතිමය ගැටලුව නිරාකරණය කරගනිමින්, පැරණි සමානුපාතික ක්‍රමයට හෝ නව ක්‍රමවේදයකට අනුකූලව මෙම පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන බවට නව රජය ජනතාවට සහතික වී තිබූ අතර, ඒ අනුව පළමු අදියර ලෙස පළාත් හතරක මැතිවරණය ලබන ජූලියේ පැවැත්වීමට රජය සූදානම් වෙමින් සිටී.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka