gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රිමාන්ඩ් කළ CI වරුණිගේ බැංකුවට විශාල මුදල් ප්‍රමාණයක් ලැබිලා... වැටුපට සමාන මුදලක් කවුදෝ ලීසින්වලටත් ගෙවලා... මෙන්න උසාවියෙන් එළියට එන කතාව

වාහනයක් මිලදී ගැනීම හා කල්බදු (ලීසින්) වාරික ගෙවීම සම්බන්ධයෙන් මුදල් ලැබුණු ආකාරය පිළිබඳව කරුණු තහවුරු කිරීමට නොහැකි වීම ඇතුළු චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගන්නා ලද කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය වන ප්‍රධාන පොලිස් පරීක්ෂක (කාන්තා) වරුණි බෝගහවත්ත මහත්මියගේ බැංකු ගිණුම් වෙත විශාල වශයෙන් මුදල් ලැබී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ, විදේශගත නැගණිය විසින් එවන ලද මුදල් සම්බන්ධයෙන් සැකකාර වරුණි බෝගහවත්ත විසින් ලේඛන ඉදිරිපත් කර තිබුණද, අවස්ථා කිහිපයකදී වෙනත් පාර්ශ්වයක් විසින් මෙම ලීසින් පහසුකම සඳහා මුදල් ගෙවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

තවද, ඇයගේ මාසික වැටුපට සමාන වාරිකයක් ඇයගේ මෝටර් රථය වෙනුවෙන් කල්බදු පහසුකම් ලබා දුන් මූල්‍ය ආයතනය වෙත මාසිකව ගෙවා ඇති බවද හෙළි වී තිබේ.

සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් අවසන් වී නොමැති බැවින්, සැකකරුවන් පිරිස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ා සිටියේය.

ඒ අනුව, දුමින්ද ගුණසේකර, සුරංග එදිරිසිංහ, වරුණි බෝගහවත්ත, කල්පනී සහ මීට පෙර අත්අඩංගුවට ගත් චමින්ද ගුණසේකර යන පස්දෙනාම ලබන 20 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා නියෝග කළේය. එමෙන්ම, මෙම සිද්ධියට අදාළ විමර්ශන වාර්තා ලබන දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

මෙම නඩුව සම්බන්ධයෙන් සැකකාරිය වෙනුවෙන් නීතිඥවරුන් වන සාරංග වාදසිංහ, සමීර මීකඳවත්ත, කසුන් නනායක්කාර, උදිෂා වීරරත්න සහ දිනේෂ් ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටියහ.

මේ අතර, වරුණි බෝගහවත්ත මහත්මියට අයත් 'හොන්ඩා වෙසල්' වර්ගයේ මෝටර් රථයද මීට පෙර පොලිස් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් තම භාරයට ගෙන තිබිණි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka