gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

හම්බන්තොට වරායට අකුණු ගහයි... ගින්නක් ඇවිලී අලුත ගෙනා වාහන තොගයක් ගිනිගනී!

හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රය තුළ ආනයනික වාහන නවතා තිබූ අංගනයකට එල්ල වූ ප්‍රබල අකුණු ප්‍රහාරයක් හේතුවෙන් හටගත් හදිසි ගින්නකින් එහි ගාල් කර තිබූ මෝටර් රථ 11කට බරපතළ හානි සිදුව ඇති බව වරාය පොලිසිය තහවුරු කරයි.

31 වන දින රාත්‍රී 8.45 ත් 9.00 ත් අතර කාලයේදී හම්බන්තොට සහ ඒ අවට ප්‍රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ මෙම අකුණු අනතුර සිදුව තිබේ.

අකුණු සැර පතිත වීමත් සමඟම වාහන රඳවා තිබූ අංගනයේ ක්ෂණිකව ගිනිදැල් ඇවිලී ඇති අතර, වරාය ආරක්ෂක අංශ සහ හදිසි ආපදා ඒකකය වහා මැදිහත් වී ගින්න පාලනය කිරීමට පියවර ගෙන ඇත. 

ඔවුන්ගේ කඩිනම් ක්‍රියාකාරීත්වය නොවන්නට අංගනයේ නවතා තිබූ තවත් වාහන සිය ගණනකට ගින්න පැතිර යාමේ අවදානමක් පැවති බව වාර්තා වේ. 

කෙසේ වෙතත්, ගින්න නිවා දැමීමට පෙර ඒ ආසන්නයේ තිබූ රථ 11ක් දැඩි ලෙස ගිනිගෙන විනාශ වී අවසන්ය.

අනතුරින් විනාශයට පත් මෝටර් රථ මාදිලි හෝ ඒ මඟින් සිදුවූ සමස්ත මූල්‍ය අලාභය මෙතෙක් නිශ්චිතව තක්සේරු කර නොමැති අතර, හම්බන්තොට වරාය පොලිස් ස්ථානය සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් අරඹා තිබේ.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka