gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මං එන්නැතිව නීතීඥයෙක් ආවාම මදිද? - බැසිල් අධිකරණයෙන් අසයි!

මාතර, එළියකන්ද ප්‍රදේශයේ 'බ්‍රවුන්ස් හිල්' ඉඩම මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුව සඳහා තමන් පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී නොසිට, ඒ වෙනුවෙන් නීතිඥවරයෙකු පෙනී සිටීමට අවසර දෙන ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීම මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත.

එම ඉල්ලීම තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කළ කරුණු ප්‍රමාණවත් නොවන බවත්, ඒවා පිළිගත නොහැකි බවත් ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා, සැකකාර බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමටද නියෝග කර තිබේ.

නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ තමන් මේ වන විට රෝගාතුරව පසුවන බැවින් දීර්ඝ ගුවන් ගමනක යෙදීමට අපොහොසත් බවයි. ඒ හේතුවෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීමට තමන් සූදානම් බව ඔහු අධිකරණයට දන්වා තිබිණි.

කෙසේ වෙතත්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ කළණ කොතලාවල මහතා මෙම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළේය. සැකකරු මෙවැනි සහනයක් ලැබීමට තරම් සුවිශේෂී තත්ත්වයක පසුවන බව තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බව රජයේ අධිනීතිඥවරයා පෙන්වා දුන් අතර, එම තර්කය පිළිගත් මහේස්ත්‍රාත්වරයා බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම නිශ්ප්‍රභ කළේය.

මාතර 'බ්‍රවුන්ස් හිල්' ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන 50ක් පමණ වටිනාකමකින් යුත් ඉඩමක් මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනු කර ඇත.

අදාළ ඉඩමේ ඔප්පුවේ හිමිකාරිත්වය අයෝමා ගලප්පත්ති මහත්මියගේ නමින් පවතින බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත. නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් වන මුදිත ජයකොඩි සහ තිස්ස ගලප්පත්ති යන අය අධිකරණයේ පෙනී සිටි නමුත්, බැසිල් රාජපක්ෂ සහ අයෝමා ගලප්පත්ති යන දෙදෙනා මෙතෙක් අධිකරණය හමුවට පැමිණ නොමැත.

වාර්තා වන පරිදි බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරන අතර, අයෝමා ගලප්පත්ති මහත්මිය කැනඩාවේ පදිංචිව සිටී. ඇයට ලබන අප්‍රේල් 27 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය හරහා නොතීසි නිකුත් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka