ආනන්ද පාලිත රිමාන්ඩ් කෙරේ!
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුවූ බව කියන රුපියල් මිලියන 3.11 කටඅධික අතිකාල දීමනා වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඩී.ඩී. ආනන්ද පාලිත මහතා ලබන නොවැම්බර් මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කළේය.
තෙල් සංස්ථාවේ සේවකයන් වෙනුවෙන් ගෙවන ලද අතිකාල දීමනාවලදී සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) මඟින් ඊයේ (16) දිනයේදී ඒ මහතාව අත්අඩංගුවට ගෙන තිබිණි.
විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දුන්නේ 2015 වසරේ සිට 2019 වසර දක්වා වූ පස්වසරක කාලසීමාව තුළ මෙම අතිකාල දීමනා වංචාව සංවිධානාත්මකව සිදුකර ඇති බවයි.
අදාළ සැකකරු අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔහුව ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන වාර්තාවක් එදිනට අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියෝග කළේය.
මේ පුවත තව අයට බලන්න
ආනන්ද පාලිත රිමාන්ඩ් කෙරේ!
2026-11-17T19:52:00+05:30
Gossip Lanka Hot News






