gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

වෙළෙඳ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් ලාෆ්ස් ගෑස් 12.5kg සිලින්ඩරයක මිල රු. 745කින් අඩුකෙරේ...

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ මැදිහත්වීම සහ කළ ඉල්ලීම මත පදනම්ව, ලාෆ්ස් (LAUGFS) ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් සැලකිය යුතු මුදලකින් පහත හෙළීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබේ.

මෙම මිල සංශෝධනය අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බලාත්මක වේ.

ඒ අනුව, සංශෝධිත නව මිල ගණන් මෙසේය.

*කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක්: රුපියල් 745 කින් අඩු කර ඇති අතර, රුපියල් 6,740 ක්ව පැවති එහි නව මිල රුපියල් 5,995 කි.

*කිලෝග්‍රෑම් 5 කුඩා ගෑස් සිලින්ඩරයක්: රුපියල් 322 කින් අඩු කර ඇති අතර, රුපියල් 2,720 ක්ව පැවති එහි නව මිල රුපියල් 2,398 කි.

පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ පීඩාවට පත්ව සිටින පාරිභෝගික ජනතාවට සහනයක් සැලසීමේ අරමුණින් වෙළෙඳ අමාත්‍යවරයා සහ සමාගම් පාලනාධිකාරිය අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණයට එළඹි බව ලාෆ්ස් සමාගම නිවේදනය කරයි.

මෑතකදී මැදපෙරදිග කලාපයේ උද්ගත වූ යුදමය නොසන්සුන්තාව හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සවුදි ඇරම්කෝ ගෑස් මිල ඉහළ යාම සහ නැව් ගාස්තු සීඝ්‍ර ලෙස ඉහළ යාම මත ලාෆ්ස් සමාගම දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දුන්නේය. මාස තුනකට ආසන්න කාලයක් අදාළ අමතර පිරිවැය සමාගම විසින් දරාගෙන සිටියද, අඛණ්ඩව සිදුවූ පාඩුව හේතුවෙන් පසුගියදා කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල එකවර රුපියල් 1,775 ක අතිවිශාල මුදලකින් ඉහළ දැමීමට සමාගම පියවර ගත්තේය.

එම මිල ඉහළ දැමීමත් සමඟ ලිට්‍රෝ ගෑස් සහ ලාෆ්ස් ගෑස් අතර පැවති විශාල මිල පරතරය හේතුවෙන් ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින් දැඩි අසීරුතාවකට මෙන්ම කලකිරීමට පත්ව සිටි අතර, ඒ සම්බන්ධයෙන් වෙළෙඳපොළ තුළ දැඩි විරෝධයක්ද මතුව තිබිණි. 
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka