gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

තාත්තා හදපු ප‍්‍රශ්ණ පත‍්‍රයෙන් පුතා ලංකාවෙන්ම පලවෙනියා වෙලා - අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

නීතිපති දෙපාර්තමේන්තුව සඳහා පැවති තරග විභාගයේදී බරපතළ මට්ටමේ සදාචාර විරෝධී ක්‍රියාවක් සහ අක්‍රමිකතාවක් සිදුව ඇති බවට පාර්ලිමේන්තුවේදී අයවැය දෙවන වර කියවීමේ විවාදයේදී අනාවරණය විය.
සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය විසින් මෙම චෝදනාව එල්ල කරනු ලැබූ අතර, මේ පිළිබඳව වහාම පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස ඇය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියාය.

අදාළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත්ව ඇති බවත්, එහි ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය අංශය භාරව කටයුතු කළ හිටපු නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයෙකුගේ දරුවෙකු බවත් මන්ත්‍රීවරිය සභාව හමුවේ ප්‍රකාශ කළාය.

තම දරුවා මෙවැනි තරග විභාගයකට පෙනී සිටින්නේ නම්, ආයතනික ආචාරධර්ම හා සදාචාරාත්මක සම්ප්‍රදායන්ට අනුව එම නිලධාරියා අදාළ වගකීම්වලින් බොහෝ කලකට පෙර ඉවත් විය යුතුව තිබූ බව පෙන්වා දුන් මන්ත්‍රීවරිය, මෙහිදී සැකකටයුතු සිදුවීම් මාලාවක් සිදුව ඇති බවද පෙන්වා දුන්නාය.

"විභාගය පැවැත්වුණේ පසුගිය අගෝස්තු මස 02 වනදායි. නමුත් අදාළ නිලධාරියා තනතුරෙන් ඉවත් වෙලා තියෙන්නේ ජූලි මස 15 වනදා. ඒ කියන්නේ විභාගයට සති දෙකකටත් අඩු කාලයකට පෙර. ඒ වන විටත් ප්‍රශ්න පත්‍රය සැකසීම සහ ඊට අදාළ සියලු රහස්‍ය කටයුතු නිමවා අවසන්. සියල්ල සිදු කිරීමෙන් අනතුරුවයි ඔහු ඉවත් වී තිබෙන්නේ. මෙවැනි බරපතළ අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි," යනුවෙන් මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka