gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

බන්ධනාගාරයේ වෙඩි තියයි.. රැදවියෙකු මරුට...

පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයෙන් පලායාමට උත්සාහ කළ බව කියන 27 හැවිරිදි රැඳවියෙකු බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන තරුණයෙකි.

බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, මෙම රැඳවියා බන්ධනාගාර පරිශ්‍රයේ පැන පලායාමට උත්සාහ දැරූ අවස්ථාවේදී රාජකාරියේ නිරතව සිටි ආරක්ෂක නිලධාරීන් ඔහුට නතර වන ලෙස අවවාදාත්මක සංඥා නිකුත් කර තිබේ. 

එහෙත් එම නියෝග නොතකා ඔහු දිගින් දිගටම පලායාමට උත්සාහ කිරීමත් සමඟ ආරක්ෂක නිලධාරීන් වෙඩි ප්‍රහාර එල්ල කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මහේස්ත්‍රාත්වරයා මඟින් ස්ථානීය පරීක්ෂණයක් සහ මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි දුම්බර බන්ධනාගාරය මෙරට ප්‍රධාන පෙළේ රැඳවියන් විශාල පිරිසක් රඳවා සිටින ආරක්ෂිත බන්ධනාගාර සංකීර්ණයකි. 

මීට පෙරද අවස්ථා කිහිපයකදී විවිධ චෝදනා යටතේ රිමාන්ඩ් භාරයේ හෝ සිර දඬුවම් විඳිමින් සිටි රැඳවියන් දුම්බර සහ ඒ ආශ්‍රිත එළිමහන් සිරකඳවුරෙන් පලායාමේ සිදුවීම් වාර්තා වී තිබිණි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka