පෙට්රල්, ඩීසල් මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..
අද (01) මධ්යම රාත්රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ක්රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය සිල්ලර ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. මෙම නව මිල සංශෝධනය යටතේ පෙට්රල් සහ ඩීසල් වර්ගවල මිල ඉහළ දමා ඇති අතර, භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැත.
ඒ අනුව සංශෝධිත නව මිල ගණන් මෙසේය.
ඔක්ටේන් 92 පෙට්රල්: ලීටරයක මිල රුපියල් 10.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 424.00 කි. (පැවති මිල රු. 414.00)
ඔක්ටේන් 95 පෙට්රල්: ලීටරයක මිල රුපියල් 15.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 490.00 කි. (පැවති මිල රු. 475.00)
ලංකා සුදු ඩීසල්: ලීටරයක මිල රුපියල් 05.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 397.00 කි.
(පැවති මිල රු. 392.00)
ලංකා සුපිරි ඩීසල්: ලීටරයක මිල රුපියල් 15.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 543.00 කි.
(පැවති මිල රු. 528.00)
ලංකා භූමිතෙල්: මිල සංශෝධනය වී නොමැති අතර, පැවති පරිදිම ලීටරයක මිල රුපියල් 285.00 ක් ලෙස නොවෙනස්ව පවතී.
Fuel prices increased in Sri Lanka
පෙට්රල්, ඩීසල් මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..
2026-11-01T23:49:00+05:30
Gossip Lanka Hot News





