gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

එක්ස්ප්‍රස් පර්ල් පරීක්ෂණයක් අධිකරණ අමාත්‍යංශ නිලධාරීන් මඟහැරලා

එක්ස්ප්‍රස් පර්ල් (MV X-Press Pearl) නෞකා ගින්නෙන් ශ්‍රී ලංකාවට සිදුවූ දැවැන්ත පාරිසරික හානියට අදාළ වන්දි අයකර ගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව සිදු නොවීම සම්බන්ධයෙන් පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සිදු කරනු ලබන පරීක්ෂණයට අධිකරණ අමාත්‍යංශ නිලධාරීන් අවස්ථා කිහිපයකදී පැමිණ නැතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා කියා සිටියේ එම සිද්ධියට අදාළ වාර්තාව සකස් කිරීමට එම අමාත්‍යංශ නිලධාරීන්ගෙන් අසා දැනගතයුතු ප්‍රශ්න කිහිපයක් ඇති බවයි.

කමිටුවට කළ හැක්කේ කරුණු අසා වාර්තාවක් සැපයීම පමණක් බවත්, මේ වන්දි මුදල අයකර ගැනීමේ කටයුත්ත අධිකරණ කටයුත්තක් බව ඔහු කියා සිටියේය.

කෙසේවුවද, අධිකරණ අමාත්‍යංශයේ නිලධාරීන් නැවත කැඳවන බව කී හෙක්ටර් අප්පුහාමි මහතා, එසේ කඳවා කරුණු තහවුරුකරගෙන වාර්තාවක් සකසන බවද ඔහු කියා සිටියේය.

-srilankamirror
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka