gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඛනිජ තෙල් සංස්ථාවේ අතිකාල දීමනා වංචාවක්.. ආනන්ද පාලිත අත්අඩංගුවට..

සමගි ජන බලවේග කෘත්‍යාධිකාරී මණ්ඩල සභික, සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, 2015 සිට 2019 වර්ෂය දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ අතිකාල දීමනා වංචා කිරිමට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළවය.

සැකකරුගෙන් පැය හතකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පොලිස්පතිවරයා ලද පැමිණිල්ලකට අනුව සිදු කෙරෙන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත හෙට (17) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය සමයේ දැඩි ලෙස ආණ්ඩුව විවේචනය කළ ආනන්ද පාලිත, ඉකුත් 11 වෙනිදා පැවති සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සජිත් ප්‍රේමදාස සමග දැඩි වාග් සංග්‍රාමයකද පැටළුණු බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ආණ්ඩුවේ ජනතා ද්‍රෝහී වැඩපිළිවෙළට එරෙහිව ප්‍රධාන විපක්ෂය ලෙස සජබ මීට වඩා මැදිහත් විය යුතු බවට සහ ජනතාව පාරට බැස්සවිය යුතු බවට ආනන්ද පාලිත ප්‍රකාශ කිරීමත් සමග සජිත් ප්‍රේමදාස දැඩි ලෙස කෝපයට පත්වීමත් සමග මෙම ගැටුම හටගෙන ඇත.


පෙර පුවත් >>>

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka