gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඇතුළේ කතා කර බේරා නොගත්තොත් එළියේ කතා කරනවා… මහ කුඹලාගෙන් ඇමති හඳුන්ට විවෘත අභියෝගයක්!

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති දිවුරුම් දුන් මොහොතේ සිට වසර දෙකකට අධික කාලයක් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වූ බවට චෝදනා කරමින් මහ කුඹලා හෙවත් අජිත් පෙරේරා විසින් සිය සමාජ මාධ්‍ය පිටුවෙහි සටහනක් එක් කර තිබේ.

පුද්ගලයන්ට වඩා සංවිධානය සහ පක්ෂය වැදගත් බවත්, දැන් ආණ්ඩුව රැකගත යුතු බවත් මෙම දේශපාලන ව්‍යාපාරය තමන්ට කියා දුන් ප්‍රධානම පාඩම බව ඔහු එහි සඳහන් කර ඇත. කෙසේ වෙතත්, අදාළ අමාත්‍යවරයාගේ වගකීම යටතේ පවතින රටට වැදගත් ආයතන කිහිපයක සිදුවන “විනාශකාරී හැසිරීම් සමූහයක්” හේතුවෙන් අමාත්‍යවරයාගේ මෙන්ම ආණ්ඩුවේද කීර්ති නාමය විනාශ වෙමින් පවතින බවටයි ඔහු දැඩි ලෙස චෝදනා කරයි.

තමන් අමාත්‍යවරයා හමුවීමට උත්සාහ කරන්නේ පුද්ගලික කටයුත්තකට නොව රටට වැදගත් එම ආයතනවල ගැටලු වහාම විසඳා ගැනීමට බව අවධාරණය කරන ඔහු, තමන්ට හමුවීමට වේලාවක් ලබා නොදුනහොත් මේ පිළිබඳව ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීමට සිදුවන බවට අනතුරු අඟවා තිබේ.

එමෙන්ම, මෑතකදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සමඟ ද ව්‍යවසායකත්වය පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූ බව සිහිපත් කරන ඔහු, අලුතින් ව්‍යවසායකයින් බිහි කිරීමට වඩා දැනට ව්‍යාපාර ආරම්භ කර අතරමංව සිටින පිරිස ගොඩගැනීම වඩාත් ඵලදායී බවද එහිදී සාකච්ඡා වූ බව සඳහන් කරයි.

ආණ්ඩුවට අපහසුතාවයක් ඇති කිරීමට බලා සිටින විපක්ෂ කණ්ඩායම්වලට තමන් කතා කරන දෑ රසමසවුළු විය හැකි බැවින්, එළිමහනේ කතා කිරීමට පෙර ඇතුළත සාකච්ඡා කර මෙම ගැටලු නිරාකරණය කර ගැනීම වඩාත් යහපත් බව හෙතෙම වැඩි දුරටත් පෙන්වා දෙයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka
ad space
ad here

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka