විභාග දෙපාර්තමේන්තු ලොක්කෙකුගේ දරුවෙකු විභාගයෙන් ලංකාවෙන් පළමු තැනට... පරීක්ෂණ අරඹයි!
මෙවර නීති විද්‍යාල ප්‍රවේශ විභාගයෙන් විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගේ දරුවෙකු ප්‍රථම ස්ථානය හිමිකර ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව විසින් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී විජේරත්න මහත්මිය ඉකුත් සතියේදී පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව අනාවරණය කරන අවස්ථාව වන විටත් අදාළ විභාග ප්‍රතිඵල නිකුත් කර නොතිබූ බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
එම ප්‍රතිඵල නීති විද්‍යාලය වෙත යොමු කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට පසු දින බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
විභාගයකට පෙනී සිටින අයැදුම්කරුවන්ගේ දෙමාපියන් හෝ ඥාතීන් විභාග දෙපාර්තමේන්තුවේ සේවය කරන්නේ නම්, අදාළ විභාගයට කලින්ම ඔවුන් එම රාජකාරිවලින් ඉවත් විය යුතු වුවත්, මෙම නිලධාරියා රාජකාරියෙන් ඉවත්ව ඇත්තේ නීති විද්‍යාල ප්‍රවේශ විභාගය පැවැත්වීමට සති දෙකකට පෙර බවට චෝදනා එල්ල වී තිබේ.
දෙපාර්තමේන්තුවේ රහස්‍ය අංශයේ සේවයේ නියුතු මෙම නිලධාරියා ජූලි මස 15 වැනිදා රාජකාරියෙන් ඉවත් වී ඇති අතර, අදාළ විභාගය අගෝස්තු මස 02 වැනිදා පවත්වා ඇත.
එම නිලධාරියාගේ දරුවා විභාගයෙන් ප්‍රථම ස්ථානයට පත්ව ඇති බව පැවසූ මන්ත්‍රීවරිය, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ද ඉල්ලා සිටියාය.
මේ පුවත තව අයට බලන්න
විභාග දෙපාර්තමේන්තු ලොක්කෙකුගේ දරුවෙකු විභාගයෙන් ලංකාවෙන් පළමු තැනට... පරීක්ෂණ අරඹයි!
2026-11-29T11:40:00+05:30
Gossip Lanka Hot News






