පුත්තලමේ මාලිමා නගරාධිපති රින්සාද්ගේ පහරදීමෙන් රෝහල්ගත වූ තරුණයා රිමාන්ඩ්!
ජාතික ජන බලවේගයට බලය හිමි පුත්තලම නගරසභාවේ නගරාධිපති රින්සාද් අහමඩ් විසින් පහරදීමේ හේතුවෙන් රෝහල්ගතව සිටි තරුණයාව ලබන 30 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.
නගරාධිපතිවරයා පෙරේදා පස්වරුවේ කැබ් රථයකින් තිල්ලඩිය ප්‍රදේශයට පැමිණ තිබූ අතර එහිදී මාර්ගය අයිනේ පළතුරු වෙළඳාමේ නිරතව සිටි තරුණයකු සමග ඇතිවූ බහින්බස් වීමකින් පසුව පහරදීම සිදුකර තිබිණි. පහරදීමෙන් පසු නගරාධිපතිවරයා කැබි රථයෙන් පළායද්දී පහරකෑමට ලක්වූ තරුණයා එම කැබ් රථයට ගල් ප්‍රහාරයක් ද එල්ල කර තිබූ බව සඳහන්.
පසුව නගරාධිපතිවරයා තම කැබ් රථයට තරුණයකු පහරදී අලාභහානි කළ බවට පුත්තලම පොලීසියට පැමිණිල්ලක් කර තිබූ අතර ඒ අනුව එම තරුණයාව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි. ඒ, ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
මේ පුවත තව අයට බලන්න
පුත්තලමේ මාලිමා නගරාධිපති රින්සාද්ගේ පහරදීමෙන් රෝහල්ගත වූ තරුණයා රිමාන්ඩ්!
2026-11-29T12:23:00+05:30
Gossip Lanka Hot News






