මෙදා අයවැයෙන් වෙන්කළ මිලියන 100 ඔලිම්පික් රන් පදක්කමක් දිනපු අවුරුද්දක ලැබෙයි…! – වෛද්‍ය නජිත් ඉන්දික..
2027 වසරේදී ඔලිම්පික් තරගාවලියක් නොපැවැත්වෙන බව සියලු දෙනා දන්නා ප්‍රසිද්ධ කරුණක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නජිත් ඉන්දික පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ රජය විසින් සම්පාදනය කරනු ලබන්නේ ක්‍රීඩකයන් දිරිගැන්වීමේ දීර්ඝකාලීන රාජ්‍ය ප්‍රතිපත්තියක් අනුව බවයි.
ඔලිම්පික් උළෙලකදී රන් පදක්කමක් දිනාගන්නා ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් රුපියල් මිලියන 100ක ත්‍යාග මුදලක් ලබාදීමේ අයවැය තීරණය පිළිබඳ විපක්ෂය විසින් සාවද්‍ය කරුණු සමාජගත කරන බවටද මන්ත්‍රීවරයා චෝදනා කරයි.
අයවැයක් මඟින් තීරණය කරන මූල්‍ය ප්‍රතිපත්ති ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, විපක්ෂය සිතන ආකාරයට එය එක් වසරකට පමණක් සීමා වූ තාවකාලික යෝජනාවක් නොවන බවද ඔහු සඳහන් කරයි.
ඉදිරි පාලන සමයකදී එම ප්‍රතිපත්ති අවුල් සහගත ලෙස වෙනස් නොකරන්නේ නම්, ක්‍රීඩකයන්ට ලැබෙන මෙම දිරිගැන්වීම දිගුකාලීනව සුරක්ෂිත වන බවත්, නියමිත පරිදි ඔලිම්පික් උළෙල පැවැත්වෙන වකවානුවේදී පදක්කම් ලාභීන්ට එම ත්‍යාග මුදල හිමිවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
මෙදා අයවැයෙන් වෙන්කළ මිලියන 100 ඔලිම්පික් රන් පදක්කමක් දිනපු අවුරුද්දක ලැබෙයි…! – වෛද්‍ය නජිත් ඉන්දික..
2026-11-16T16:38:00+05:30
Gossip Lanka Hot News






