මීළඟට අල්ලස් එකට යන්නේ සුමල් හා තියෝ ? (Video)
Lanka Hot News ශ්‍රී ලංකාව කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයන් 22,500ක් ආනයනය කිරීම සඳහා ක්‍රියාත්මක කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇක්සස් ගෲප් (Access Group) හි සභාපති සුමල් පෙරේරා හා ෆෝර්සයිට් ඉංජිනියරින් (Foresight Engineering) සමාගමේ අධ්යක්ෂවරයකු වන තියෝ ප්‍රනාන්දු වෙත බරපතල චෝදනා එල්ලවී ඇතැයි වාර්තා වේ.
ඒ අදාල වංචාව සම්බන්ධයෙන් ලංකා කිරි ගොවියන්ගේ සංගමයේ උප සභාපති අමල් සූරියගේ මහතා ඇතුළු පිරිසක් දිගින් දිගටම පොලිස්පතිවරයා, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා අල්ලස් හො දූෂණ විමර්ශන කොමිසන් සභාව වෙත සිදු කරන ලද පැමිණිලිවලට අදාලවය.
වසර 2014 ඔක්තෝබර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ Wellard Rural Exports සමාගම සමඟ අදාළ ගිවිසුම අත්සන් කර ඇති අතර, ගවයන් 22,500ක් ආනයනය කිරීමට සැලසුම් කර තිබුණද මෙරටට පැමිණ ඇත්තේ ගවයන් 5,000ක් පමණක් බව හෙළිව තිබේ.
ආනයනය කළ ගවයන්ගෙන් සැලකිය යුතු පිරිසක් අපේක්ෂිත ප්‍රමිතියට නොගැළපුණු බවත්, ඇතැම් ගවයන් ගැබ්ගෙන නොසිටි අතර තවත් පිරිසක් රෝගාබාධවලින් පෙළුණු බවත් පැවසේ..
එමෙන්ම ගවයන් සහ පැටවුන් අතර ඉහළ මරණ අනුපාතයක් වාර්තා වූ බව ලංකා කිරි ගොවියන්ගේ සංගමයේ සභාපති අමල් සූරියගේ මහතා ශ්‍රී ලංකා මිරර් සමඟ පැවසීය.
මෙම ව්‍යාපෘතියේ දේශීය නියෝජිතයා ලෙස Foresight Engineering (Pvt) Ltd සමාගම කටයුතු කළ බවත්, එම සමාගමේ අධ්යක්ෂවරයකු ලෙස තියෝ ප්‍රනාන්දු මහතා කටයුතු කළ බවත්, අමල් සූරියගේ මහතා කියා සිටී.
ඩොලර් මිලියන 11.09ක අත්තිකාරමට සිදුවූයේ කුමක්ද?
මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් වඩාත් බරපතළ කරුණක් වන්නේ ගවයන් 15,000ක් ආනයනය කිරීම වෙනුවෙන් අත්තිකාරම් වශයෙන් ගෙවා තිබූ ඇමෙරිකානු ඩොලර් 11,093,108ක මුදලක් මෙතෙක් අයකරගැනීමට නොහැකිව ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් ද සනාථ කර තිබේ.
එම මුදල ගිවිසුමේ වටිනාකමින් සියයට 15කට ආසන්න ප්‍රමාණයක් වන අතර, අදාළ ගවයන් මෙරටට ලබාදී නොමැති බවද එහි දක්වා ඇත.
මේ අතර, ගව ආනයන කටයුතු සඳහා නෙදර්ලන්තයේ Rabobank බැංකුවෙන් ඉහළ පොලී අනුපාත යටතේ වාණිජ ණයක් ලබාගෙන තිබේ.
එම ණය මුදලේ වාරික තවදුරටත් මෙරට බදු ගෙවන්නන් විසින් ගෙවමින් සිටින බවද වාර්තාවේ වේ.
ජනාධිපති කොමිසම් වාර්තාව යටගැහුවද?
මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් 2019 වසරේදී අයේෂා ජිනසේන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් (PCI 08/172) විසින් විමර්ශනය කර වාර්තාවක් ද ඉදිරිපත් කර තිබේ.
එහිදී වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් 7දෙනෙකු සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගෙන ඇති අතර, මහජන මුදල් අවභාවිත කිරීම සහ රජයට අයුතු පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කර ඇති බවද එහි දැක්වේ.
මෙසේ චෝදනා එල්ලවූ රාජ්‍ය නිලධාරීන්ගෙන් අයකු ආන්දෝලනාත්මක NDB බැංකු අධ්යක්ෂ මණ්ඩලයේද සිටින බව පැවසේ.
කෙසේ වෙතත්, අහිමි වූ අත්තිකාරම් මුදල අයකර ගැනීම සහ වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් ප්‍රගතියක් දක්නට නොලැබෙන බව එම විමර්ශනාත්මක වාර්තාව ප්‍රශ්න කරයි.
මෙම ව්‍යාපෘතියේ අසාර්ථකත්වය හේතුවෙන් කිරි ගොවීන්ට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බව සඳහන් වන අතර, රජයේ ඇපකර යටතේ ගවයන් ලබාගත් ඇතැම් ගොවීන්ට ඉඩම් සහ ජීවනෝපාය අහිමිව ඇති බව වාර්තා වේ.
ගව ආනයන ව්‍යාපෘතියේ සමස්ත ගනුදෙනු, විදේශීය ණය ලබාගැනීම, දේශීය නියෝජිතයාගේ භූමිකාව, අත්තිකාරම් මුදල් අයකර ගැනීම සහ ඊට වගකිව යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශන තොරතුරු අප ශ්‍රී ලංකා මිරර් හෙළිකරන්නෙමු.
තවත් තොරතුරු ඉදිරියට...
මීළඟට අල්ලස් එකට යන්නේ සුමල් හා තියෝ ? (Video)
2026-11-16T14:34:00+05:30
Gossip Lanka Hot News






