gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

හේලීස් ගේන රෝද ගැලවෙන OMODA කාර් පැටිකිරිය

හේලීස් මොබිලිටි (Hayleys Mobility) විසින් ආනයනය කර අලෙවි කරන OMODA කාණ්ඩයේ මෝටර් රථයක් වන OMODA 5 හි පසුපස ඇක්සලය සම්බන්ධයෙන් වසර දෙකක් ඇතුළත මැලේසියාවෙන් සිද්ධි දෙකක් වාර්තාවීම නිසා එම මෝටර් රථ කාණ්ඩයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙරට පාරිභෝගිකයන්ද තැති ගැන්මකට ලක්ව සිටී.

මෙහි පළමු සිද්ධිය වාර්තා වූයේ 2024 වසරේ අප්‍රේල් මාසයේදී මැලේසියාවෙනි.

චෙරි (Chery) විසින් නිෂ්පාදිත OMODA 5 රථයක ඇක්සලය 2024 අප්‍රේල් මාසයේදී මැලේසියාවේදී වෙන්වීමේ සිද්ධියකින් පසු වාහන 600ක් පමණ සම්බන්ධයෙන් ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන තිබිණි.

මේ සිද්ධියට හේතුව ලෙස නිෂ්පාදකයා එවකට දෝෂ සහිත වෑල්ඩින් ක්‍රියාවලියක් ගැන හෙළිදරව්වක් කර තිබිණි.

එහි දෙවැනි සිද්ධිය ද වාර්තාවූයේ මැලේසියාවෙන් වන අතර මැලේසියානු මාර්ග ප්‍රවාහන දෙපාර්තමේන්තුව (JPJ) OMODA 5 හි අදාළ මාදිලිවල Vehicle Type Approval (VTA) තාවකාලිකව අත්හිටුවා නව ලියාපදිංචි කිරීම් නතර කිරීමට මේයන විට පියවර ගෙන තිබේ.

ඊට අමතරව තාක්ෂණික පරීක්ෂණයක් සහ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ විගණනයක් ද නියම කර තිබේ.

මේ අතර, චෙරි ඔටෝ මැලේසියා විසින් (Chery Auto Malaysia) විසින් OMODA 5 හි C සහ H ප්‍රභේදවල වාහන 8,878ක් සඳහා පරීක්ෂා කිරීමේ සහ අවශ්‍ය කොටස් නොමිලේ ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහනක් නිවේදනය කර ඇත.

OMODA 5 හි තරු පහේ ආරක්ෂව

OMODA 5 සඳහා ASEAN NCAP සහ Euro NCAP වැනි ස්වාධීන ආයතනවල තරු පහේ ශ්‍රේණිගත කිරීම් ලබාදී තිබේ.

කෙසේවුවද, මේ සිදුවීම් දෙකත් සමඟ එම ශ්‍රේණිගත කිරීම් ද අභියෝගයට ලක්ව ඇත.

OMODA සහ JAECOO දෝෂ

හේලීස් මොබිලිටි (Hayleys Mobility) වෙතින් ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදාහරින OMODA සහ JAECOO දෝෂ කිහිපයක් නිසා එක්සත් රාජධානියේ දී ඒවා නැවත කැඳවීමට ද ලක්ව තිබේ.

OMODA 5 / E5 මෝටර් රථවල Drive shaft nut එක නිසි ලෙස අගුළු නොවැටීම නිසා එහිදී ගැටලු මතුව තිබේ.

එසේම, JAECOO 7 පෙට්‍රල් හි එන්ජින් ECU රැහැන් සම්බන්ධක ක්ලිප් එක නිසි ලෙස සවි නොවීමේ ගැටලු මතුව තිබේ. එම තත්ත්වයන් නිසා එන්ජින් අනතුරු ඇඟවීම සහ එන්ජිම නතර වීමේ අවදානම් මතුවේ.JAECOO 7 පෙට්‍රල් / PHEV (නිශ්චිත කාණ්ඩ) රියදුරු අසුනේ විදුලි රැහැන් වැරදි මාර්ගයකින් යොමු කිරීම නිසා ඇතිවූ දෝෂ නිසාද එම මෝටර් රථ නැවත කැඳවීම් සිදුව තිබේ. මේ තත්ත්වයන් හේතුවෙන් රැහැන් හානි වීම, අසුනේ ක්‍රියාකාරිත්වයට බලපෑම් සහ ඇතැම් අවස්ථාවල ගියර් මාරු කිරීමේ ගැටලු පැන නගින බව පැවසේ.

- srilankamirror
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka