හිනාවෙවී ආ නාමල් හැඬු කඳුලින් පිටව යයි.. අධිකරණයෙන් නියෝග!
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ ක්රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන අද (16) දින කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ ක්රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන ලබන (23) වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
සැකකාර ජානකී සිරිවර්ධන ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කළ අතර නාමල් රාජපක්ෂගේ ඇප නියෝගය සූදානම් කර නොමැති බැවින් එය ඊළඟ නඩු දිනයේදී ප්රකාශයට පත් කරන බව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම සඳහන් කර ඇත.
ක්රිෂ් සමාගමේ කටයුතුවලට අදාළව රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් වශයෙන් ලබාදීම සහ අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
මේ පුවත තව අයට බලන්න
හිනාවෙවී ආ නාමල් හැඬු කඳුලින් පිටව යයි.. අධිකරණයෙන් නියෝග!
2026-10-16T11:20:00+05:30
Gossip Lanka Hot News





