gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවේ නාමල් වෙනුවට කාංචන කරළියට ගෙන ඒම සහ රනිල්ගේ යටින් ගේම...

දශක ගණනාවක් පුරා මෙරට දේශපාලනයේ ප්‍රබලම බලකඳවුරක් නියෝජනය කළ රාජපක්ෂ පවුලට මේ වනවිට සිය දේශපාලන කටයුතු පසෙකලා අධිකරණ කටයුතු වෙනුවෙන් කාලය හා ශ්‍රමය මිඩංගු කිරීමට සිදුව තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරයෙන් අරඹා මසකට වරක් දිවයින පුරා දැවැන්ත ජනහමු මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබුණද, නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත වීම එම වැඩපිළිවෙළට දැඩි බලපෑමක් එල්ල කළේය.

අනුරාධපුර රැස්වීමට දින කිහිපයක් තිබියදී ඔහු අත්අඩංගුවට පත්වීමත් සමග රැලියේ නායකත්වය ගන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පක්ෂය තුළ බරපතළ අර්බුදයක් නිර්මාණය විය. කෙසේ වෙතත් රාජපක්ෂවරයකුම වේදිකාවේ සිටිය යුතු බවට වූ එකඟතාව මත, දැඩි ලෙස වියපත්ව සිටින මහින්ද රාජපක්ෂ මහතා එම රැලියට සහභාගි කරවා ගැනීමට පක්ෂය පියවර ගත්තේය. එහෙත් ඔහු ඉතා අපහසුවෙන් වේදිකාවට ගොඩවන සහ අසුන්ගෙන සිටින ආකාරය දැක්වෙන දර්ශන සමාජගත වීමත් සමග පොහොට්ටුවට විවිධ පාර්ශ්වවලින් දැඩි විවේචන එල්ල වූ අතර, ඉදිරියේදී එතුමා දේශපාලන වේදිකාවට ගෙන එනවාද නැද්ද යන්න පිළිබඳව පක්ෂය අභ්‍යන්තරයේ බරපතළ කතිකාවතක් නිර්මාණය වී ඇත.

නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් සිරගතව සිටීමත්, මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වයත් මත පොහොට්ටුවේ ඊළඟ රැස්වීම පවත්වන ස්ථානය, එහි නායකත්වය සහ ආරාධනා කරන පක්ෂ සම්බන්ධයෙන් පසුගිය සතියේදී තීරණාත්මක සාකච්ඡා කිහිපයක්ම පැවැත්විණි. මෙම තත්ත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විවිධ පාර්ශ්ව හරහා පොහොට්ටුව වෙත විශේෂ පණිවුඩයක් යොමු කරමින් යෝජනා කර තිබුණේ, පක්ෂයේ සංවිධාන කටයුතු තරුණ හා ජනප්‍රිය නියෝජ්‍ය නායකයකු වෙත පැවරිය යුතු බවයි. ඒ සඳහා ඔහු විසින් හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ නම විශේෂයෙන් යෝජනා කර තිබුණි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉවත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ වසර දෙකක කාලය තුළ කංචන විජේසේකර මහතා දැක්වූ ක්‍රියාකාරීත්වය මීට ප්‍රධාන හේතුව වී තිබේ. රට තුළ උග්‍ර ඉන්ධන හා විදුලි අර්බුදයක් පැවැති සමයක නෞකා ගෙන්වා, කිව්.ආර්. පද්ධතියක් හඳුන්වා දෙමින් පෝලිම් යුගය අවසන් කිරීමටත්, ගල්අඟුරු ගෙන්වා විදුලි කප්පාදුව නිමා කිරීමටත් එවකට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස ඔහු කටයුතු කළ ආකාරය පිළිබඳව වික්‍රමසිංහ මහතා දැඩි පැහැදීමකින් පසුවිය.

කංචන විජේසේකර මහතාගේ මෙම කාර්යක්ෂමතාව දුටු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ පරාජයෙන් පසුවද අවස්ථා කිහිපයකදීම ඔහුව එක්සත් ජාතික පක්ෂයට එක්කර ගෙන එහි නායකත්වය ලබාදීමට සාකච්ඡා පවත්වා තිබිණි. එහෙත් ඔහු ඊට සෘජු ප්‍රතිචාරයක් නොදක්වා යම් කාලයක් දේශපාලනයෙන් විවේකයක් අවශ්‍ය බව දන්වා තිබුණි. කෙසේ වෙතත් වික්‍රමසිංහ මහතාගේ මෙම දේශපාලන මෙහෙයුම පිළිබඳව දැනගත් වහාම ක්‍රියාත්මක වූ නාමල් රාජපක්ෂ මහතා මාතරට ගොස් විජේසේකර මහතා හමුවී ඇත. එහිදී ඔහු යෝජනා කර ඇත්තේ 2029 ජනාධිපතිවරණයේදී තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස කටයුතු කරද්දී, පොහොට්ටුවේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස කටයුතු කරමින් යළි දේශපාලනයට එක්වන ලෙසයි. ඊටද සෘජු පිළිතුරක් ලබා නොදුන්නද, එක්සත් ජාතික පක්ෂයට එක්වීම දේශපාලන සියදිවි නසාගැනීමක් ලෙස දුටු කංචන විජේසේකර මහතාගේ වැඩි කැමැත්තක් පැවතියේ පොහොට්ටුව සමග යළි එක්වීමටය. ඔහු ඒ වනවිට පසුවූයේ දේශපාලනික වශයෙන් දැඩි දෙගිඩියාවකිනි.

නාමල් රාජපක්ෂ මහතා වෙනුවට කංචන විජේසේකර මහතාව ඉදිරියට ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ දැරීම පිටුපස ගැඹුරු දේශපාලන අරමුණක් පවතින බව මේ වනවිට තහවුරු වී තිබේ. වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන සැලසුම වී ඇත්තේ තමන්ට හිතවත් අයෙකු පොහොට්ටුවේ ඉහළට ගෙනැවිත් ඒ හරහා එක්සත් ජාතික පක්ෂය හා පොහොට්ටුව අතර සන්ධානයක් ගොඩනැගීමයි. අනුරාධපුර රැලියට එක්සත් ජාතික පක්ෂයට ආරාධනා නොකිරීමද මීට එක් බලපෑමක් විය. නාමල් රාජපක්ෂ මහතා නොමැති, මහින්ද රාජපක්ෂ මහතා අපහසුවෙන් සිටින එම වේදිකාවට ගොඩවී පොහොට්ටුවේ ඉදිරි නායකයා තමන් බව පෙන්වීමට වික්‍රමසිංහ මහතා සැලසුම් කර තිබුණි. ආරාධනා ලැබුණහොත් සහභාගී වන බවට හරීන් ප්‍රනාන්දු මහතා ලවා ප්‍රකාශ කරවූයේද එබැවිනි. එහෙත් පොහොට්ටු නායකයින් එම උපක්‍රමය වටහාගෙන ඔවුන්ට ආරාධනා කිරීමෙන් වැළකී සිටියහ. ඒ වෙනුවට ඔවුන් අනුරාධපුරයට ආරාධනා කළේ විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ, උදය ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමය සහ ටිරාන් අලස් මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පක්ෂය යන සුළු පක්ෂ තුනට පමණි.

කෙසේ වෙතත් වත්මන් සංකීර්ණ තත්ත්වය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාව පිළිබඳවද සලකා බලා කංචන විජේසේකර මහතාට යළි පක්ෂයට එක්වීමට ආරාධනා කිරීමට පොහොට්ටුව තීරණය කර ඇති අතර, ඔහුට පහසුවක් වනු පිණිස මීළඟ රැස්වීම මාතර දිස්ත්‍රික්කයේ පැවැත්වීමටද තීන්දු කර තිබේ. අවසන් මොහොතේ හෝ ඔහු මීට එක්වනු ඇතැයි පක්ෂය විශ්වාසය පළ කරයි. මාතර රැස්වීමට එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරනවාද නැද්ද යන්න පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, ඒ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා සමගද සාකච්ඡා කළ යුතු බව පක්ෂයේ ස්ථාවරය වී ඇත. සමගි ජන බලවේගයේ ඡන්ද පදනම සජිත් ප්‍රේමදාස මහතා වටා ගොඩනැගී ඇති බැවින් එය දිනාගැනීම කළ නොහැක්කක් බව හොඳින්ම දන්නා රනිල් වික්‍රමසිංහ මහතා, මේ ආකාරයෙන් කංචන විජේසේකර මහතා හරහා නිසි නායකත්වයක් නොමැතිව පාවෙමින් පවතින පොහොට්ටුවේ ඡන්ද පදනම සිය ග්‍රහණයට නතුකර ගැනීමේ සියුම් මෙහෙයුමක නිරත වෙමින් සිටියි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka