gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මං රෝහල්ගත වෙන්න යන ගමන්..- කොට්ටහච්චි

පහරදීමක් හේතුවෙන් තමන් පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මිය ප‍්‍රතිචාර දක්වයි.

රූපවාහිනී නාලිකාවක ලාංඡනය හා ආකෘතිය යොදාගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් නිර්මාණය කර ප්‍රචාරය කර තිබිණි.

එම ප්‍රචාරයන්ට පිළිතුරු දෙමින් මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්, සිනහමුසුව මෝටර් රථයක ගමන් ගන්නා ඡායාරූපයක් ද ඊට එක් කර තිබේ.

එහිදී එම ප්‍රචාරයන් උපහාසයට ලක් කරමින් ඇය මෙසේ සඳහන් කර ඇත.

"මම ඒත් බැලුවා මේ සෙනසුරාදා විපක්ෂයේ ෂෝ එක ප්‍රමාද ඇයි කියලා.... මම මේ ඉස්පිරිතාලේ ඇඩ්මිට් වෙන්න යන ගමන්. ඇපල්, මාමයිට්, නෙස්ටමෝල්ට්, ක්‍රීම් කැකර් අරන් එන්නෝ...."

-lankacnews


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka